ශ්රියානි විජේසිංහ –
රාජ්ය බැංකුවලට ලේකම්වරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීමේදී දේශපාලන හිතවත්කම්වලින් තොර, හැකියාවන් සහිත උගත් වෘත්තිීයවේදීන් පත්කරන්නැයි ලංකා බැංකු සේවක සංගමය නව ජනාධිපතිවරයාගනේ සහ මුදල් ඇමතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මෙතෙක් කලක් රාජ්ය බැංකුවලට ප්රධානීන් පත්කරන ලද්දේ දේශපාලන හිතවත්කම් මත බවත් මේ හේතුවෙන් බැංකු ක්ෂේත්රය දේශපාලනීකරණය වූ බවත් සංගමයේ ලේකම් රංජන් සේනානායක පෙන්වාදේ.
ඒ අනුව මෙතෙක් කලක් ක්රියාත්මක වූ ක්රමවේදයේ වෙනසක් සිදුවිය යුතු බවත් එය රටට හා ජනතාවට සේවයක් විය යුතු බවත් හෙතෙම වත්මන් ජනාධිපතිවරයාට යොමු කළ යෝජනාමාලාව තුළ පැහැදිලිව සඳහන් කොට ඇති බවත හෙතෙම පවසා සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ දේශපාලයෙන් දූෂිත නොවු යහපාලනයක් සමාජය තුළ නිර්මාණය කිරීම සඳහා අනුර කුමාර දිසානාය ජනාධිපතිවරයා ජන වරමක් ගෙන ඇති බැවින් බැංකු ක්ෂේත්රයේ මේ මජර සම්ප්රදාය වෙනස් කිරීම ඔහුට වගකීමක් ලෙස පැවරී ඇති බවය.







