හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට ද අපේක්ෂා නොකරන බවය.
බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, රටේ ජනතාවට තමාගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව ඉටු කරන බව නව ජනාධිපතිවරයා තේරී පත් වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.
මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස 17.27%ක් ලබා ගත්තේය. එය ඡන්ද 2,299,767කි.







