මනම්පිටිය නිමල් ජයරත්න –
අනුර කුමාර දිසානායක නව වන විධායක ජනාධිපති ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ජනතාව ශ්‍රමදානයක් පවත්වමින් එම ජයග්‍රහණයේ සතුට සැමරූහ.
ඒ බකමූණ නගරයේ යෝධ ඇළට ආසන්නයේ තිබෙන සියලූම කැලි කසල එකතු කිරීමේ මෙම ශ්‍රමදානයේ අරමුණ විය.

2015 සහ 2019 වර්ෂවල ජනාධිපතිවරුන් පත්වීමේදී බොහෝ දෙනා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ප්‍රතිවිරුද්ධ පාර්ශවවලට පහරදීම් සිදුකළහ. තවත් පිරිසක් රතිඤ්ඤා, සහ අලි වෙඩි පත්තු කර, කිරිබත් කමින් සතුට සැමරූහ.
රතිඤ්ඤා පත්තු කිරීම්, කිරිබත් පිසීම් නොකර සතුට සැමරීම අර්ථවත් කරගනු සඳහා මෙම ශ්‍රමදානය සංවිධානය කළ බව සංවිධායකයෝ පැවසුහ.







