වත්මන් ජනපති අනුර කුමාර දිනායක ජනපති ධුරයට පත් වීමෙන් පසුව රට තුළ කිසිදු කලබලයක් ඇති නොවීම රටට අවශ්‍යව තිබූ ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහණාහිමියෝ පැවසූහ.
“ඔබතුමාගේ ජයග්රහණයෙන් පසු රටේ කලබල ඇතිවේ යැයි මතයක් හදන්නට ඇතැමුන් උත්සාහ කළා… ඒත් රට තුළ කිසිදු කලබලයක් ඇති වුනේ නෑ. එය රටට අවශ්‍යව තිබූ ආදර්ශයක්.
“මෙවන් ජග්‍රහණයක් ලබාදෙන්නට රටේ ජනතාව කටයුතු කළේ විශාල බලාපොරොත්තු තබාගෙන… එම ජනතා බලාපොරොත්තු ඉටුකර දීම සඳහා ඉදිරියේදී කැපවීමෙන් කටයුතු කළ යුතුයි.”
“ජයග්‍රහණයේ සතුට භුක්ති විඳීමේ දී පාක්ෂිකයන් කිසිදු පාර්ශ්වයකට හිරිහැර නොකිරීම අගය කළ යුත්තක්. ඔබතුමා ජනාධිපතිවරයා වශයෙන් රටේ සමස්ත ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කළ යුතුයි. උන්වහන්සේ අභිනව ජනාධිපතිවරයාට පැවසූහ..
එහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ තමන්ට එම වගකීම පිළිබඳ අවබෝධයක් ඇති බවත්, ඒ වෙනුවෙන් කැපවන බවත්ය.







