ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එයා වයිස් මාර්ෂල් ( විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබේ.
අද වනතුරු එම තනතුර දැරුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කරන ලදුව රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති විසින් වෙනස් නොකර ඉන්න ඉඩ හැරිය විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නය. ඔහුත් අවසන් යුද්ධයේ දි විශාල භූමිකාවක් කළ නිලධාරියෙක් වුවත් ආරක්ෂක ලේකම් ධූරයේ ඔහුගේ හැසිරීම සම්බන්ධව බරපතල විවේචන තිබිණි.
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස අද (23) ජනාධිපතිවරයා අතින් පත්විම ගත් විශ්‍රාමික එයා වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා යුද වීරයෙක් ලෙස සම්මානිත පුද්ගලයෙකි.
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ දේහය ගෙනෙ ඒමේදී ගුවනින් වෙඩි බලය සැපයූ MI 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන ගුවන් නියමු වූයේත්, එවකට එම බලගණයේ අණදෙන නිළධාරි වූයේත් සම්පත් තූයියකොන්තාය.
ඔහු ගුවන් හමුදාව තුළ අදූෂිත නිලධාරියෙක් ලෙස ගෞරවයට පාත්‍ර වූවෙකි.







