-
මනාප ගණින හැටි මැතිවරණ නිරීක්ෂණ ආයතනයක්වන IRES සංවිධානයේ විධායක සභික මංජුල ගජනායක පැහැදිිලි කරයි…
-
දැනට අනුර සජිත්ට වඩා ඡන්ද 12,75,880 (දොලොස් ලක්ෂ හැත්තෑ පන් දහස් අටසිය අසූවක් ) ඉදිරියෙන්.
ඡන්ද ප්‍රතිපල අනුව අනුර දිසානායක වැඩි ඡන්ද ලක්ෂ 13කින් ජයග්‍රහණය කර ඇති නමුත් මැතිවරණ නීතිය අනුව එම ඡන්ද ප්‍රමාණය සියයට 50ට අඩු නිසා දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කළ යුතුව ඇති බවත් ප්‍රතිඵල ප්‍රමාද වන්නේ කිසිදු ආකාරයක අක්‍රමිකතාවයක් නිසා නොව මැතිවරණ කොමිසමට නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතු නිසා බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් බීබීසී සේවය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
දෙවැනි හා තුන්වැනි මනාප ගණන් කිරීම අවසන්වන තෙක් ප්‍රතිඵලය නිකුත් නොකර ඉන්නට මැතිවරණ කොමිසම බැඳී ඉන්නා බව ද එබැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ වනවිට අනුර කුමාර දිසානායක විසින් සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 56,38,915 ( පනස් හය ලක්ෂ තිස් අට දහස් නවසිය පහළොවක් ) ලබාගෙන ඇත. එය සමස්ථ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 42.32%ක ප්‍රතිශතයකි.
සජිත් ප්‍රේමදාස ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 43,63,035කි. ප්‍රතිශතයක් ලෙස 32.76%කි.
අනුර කුමාර දිසානායක ඉන්නේ සජිත් ප්‍රේමදාසට වඩා ඡන්ද 12,75,880 (දොලොස් ලක්ෂ හැත්තෑ පන් දහස් අටසිය අසූවක් ) ඉදිරියෙනි.
මනාප ගණනය කිරීමේ දි සිදුවන්නේ ඉදිරියෙන්ම ඉන්නා අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් මනාප ඡන්ද ගැනීමය. ඡන්ද ලක්ෂ තිහක මනාප ගැනීමට නියමිතව ඇත. ඒ එක් එක් අපේක්ෂකයාගේ මනාප ඡන්ද ප්‍රමාණය මුල් ඡන්ද ප්‍රමාණයට එක් කළ විට වැඩිම ඡන්ද සහිත පුද්ගලයා විධායක ජනාධිපතිවරයා ලෙස තේරීම මෙහිදී අපේක්ෂිතය.
බීබීසී වෙත අදහස් දක්වමින් විජිත හේරත් පවසන්නේ මෙවැන්නකි.
“දෙවැනි මනාප තුන්වැනි මනාප ගණන් කළත් අනුර සහෝදරයා පරද්දන්න කාටවත් බෑ, මොකද ඉතා විශාල ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ.
කිසිදු ආකාරයකින් එය වෙනස් වෙන්නේ නෑ. ඒ ප්‍රතිඵලය තව පැය කීපයකින් ලබා ගන්න පුලුවන්. කිසිම ආකාරයක අක්‍රමිකතාවයක් නෙමෙයි මේ වෙන්නේ. නිවැරදි ක්‍රියාවලියෙ යෑමක් මේ වෙන්නේ.
ඉතා ඕනෑකමින් ඉල්ලනවා . කලබල වෙන්න එපා. දෙවැනි තුන්වැනි මනාප ආවා කියලා ලක්ෂ 13ක ගැප් එක ආවරණය කරන්න බෑ.
දෙවැනි තුන්වැනි මනාප ගණනය කරන ආකාරය කුමක් ද?.
මැතිවරණ නිරීක්ෂණ ආයතනයක්වන IRES සංවිධානයේ විධායක සභික මංජුල ගජනායක මෙම මනාප ගණනය කරන ආකාරය ගැන ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක් බීබීසියට ඉදිරිපත් කරන්නේය.
ඔහු පැහැදිලි කරන්නේ මෙසේය.
මෙහිදී වැඩිම ඡන්ද ලබා ගත්තු පළමු සහ දෙවැනි අපේක්ෂකයින්ගේ ඡන්ද මොහොතකට පසෙකින් තබනවා.
අනතුරුව සෙසු අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකා අතට අරන් ඒ වායේ මනාප ඡන්ද ගණන් කිරීම අරඹනු ලබනවා. එහිදී දෙවැනි සහ තුන්වැනි මනාප එකම අදියරක දී තමයි ගණනය කරන්නේ.
සියයට පනහක් හෝ ඊට වැඩිය ලබා ගත යුත්තේ පළමු අදියරේ දී පමණයි. දෙවැනි අදියරට පැමිණි පසු එක ඡන්දයක් වැඩි වුනත් ඇති ජනාධිපතිවරයා තෝරා ගන්නට.
දැන් ගණනය කරන්නේ ඔවුන්ට ලැබුණ 2 වශයෙන් හෝ 3 වශයෙන් තිබුණු මනාප. එම මනාප ගැනලා ගොඩවල් දෙකකට වෙන් කරනවා. එහෙම ගැනලා අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණයට එක් කළ විට විගස මනාපය ඡන්දයක් බවට පරිවර්තනය වෙනවා.
යම් අවස්ථාව 2 හා 3 මනාප ඉවත් කළ අපේක්ෂකයින් දෙදෙනාට ලකුණු කර ඇතිනම් එහිදී ගණනය කරන්නේ 2 ලකුණු දැමූ මනාපය පමණයි. තුන් වැනි මනාපය එවැනි අවස්ථාවක දී ගණන් ගන්නේ නෑ.
මේ ආකාරයට ගණන් කරගෙන ගොස් අවසානයේ දි වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත් අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස තීරණය කරනු ලබනවා.
දැන් පවතින තත්ත්වය අනුව සමස්ථ ගණනය තුළ ලක්ෂ 12කට වැඩි මනාප ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාසට නොලැබුනහොත් වැඩි ඡන්ද ප්‍රමාණයක ලබා ගත් අනුර කුමාර දිසානායකට ජයග්‍රහණය කළ හැකියි. නමුත් එය මුලුමනින්ම පවතින්නේ මනාප ඡන්ද මත.
මේ මනාප ගැනීමෙන් අනතුරුව දෙවැනියා පළමු වැන්නා වුවත් එය පිළිගත යුතුයි. එය ව්‍යවස්ථාවේ ඇති ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට තමයි අපි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී තෝරා ගන්නේ.
අප ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. මෙවැනි අවස්ථාවක දී පක්ෂ නායකයින් වගබලා ගත යුතුයි සිය ආධාරකරුවන්ට කියා දෙන්න ඕන මේ සියල්ල තියෙන්නෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන්නේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සියයට සීයක් නතු වී මිස ඔවුන්ගේ තනි අභිමතයට යටත්ව නොවන බව.







