නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ තුනක් පමණ තැපැල් කාර්යාලවල ඉතිරිව පවතින බව තැපැල්පති රුවන් සත්කුමාර පවසයි.
නිවාස වෙත ගොස් බෙදා හරිනු ලැබූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ පුද්ගලයින්ගේ එම දැන්වීම් පත්‍රිකා තමන් පදිංචි ප්‍රදේශයට අදාල තැපැල් බල ප්‍රදේශයේ තැපැල් කාර්යාලවලින් ලබා ගත හැකිව තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් හට ඒවා ලබා ගැනීම සඳහා ලබන සෙනසුරාදා දිනයේ ද දිවයින පුරා තැපැල් කාර්යාල විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.







