ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටි අයෙක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරමේ අභ්‍යන්තර ගැටුමක් මත දැනට විදෙස්ගතව සිටිනා අපරාධකරුවෙක් වූ උනාකූරුවේ ශාන්ත නැමැත්තා විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවත් මූලික විමර්ශන වාර්තා හෙළිදරවු කරයි.
නාඳුනන කුලී ඝාතකයින් දෙදෙනෙක් විසින් මෙසේ ඝාතනය කර තිබුණේ බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තරිඳු මදුෂාන් සුවාරිස් නම් වයස අවුරුදු 31ක් වූ පුද්ගලයෙකි.
බඩෝවිට හතර වන අදියර ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට සිටියදී යතුරු පැදියකින් පැමිණ ඔහුට වෙඩි තබා ඝාතනය කළ කුලී ඝාතකයින් දෙදෙනා පලා ගොස් තිබිණි.
දැනට හෙළිදරවු වී ඇති තොරතුරු අනුව මධුෂාන් සුවාරිස් ඝාතනය කිරීම සඳහා විදෙස්ගතව සිටිනා උනාකූරුවේ ශාන්ත විසින් කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ චූවා සමන්ත ලෙස ප්රකටව සිටින අපරාධකරු වෙතය. ඔහු බන්ධනාගාරගතව සිට මෑතක දී බන්ධනාගාරයෙන් ඇප පිට නිදහස්ව පැමිණි තැනැත්තෙකි.
ඔහු විසින් යෙදවූ බව විශ්වාස කරන කුලී ඝාතකයන් වෙඩි තැබූ පුද්ගලයා මුලින්ම දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලටත්, එතැනින් ජාතික රෝහලටත් ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇත.
දෙහිවල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනය කරයි.







