බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිතුරන් ඇස් ඉදිරිපිට මරා දමද්දි මරණය එළිපත්තේ ඉද්දි අරමුණු අත් නොහල අපි ගැන ඔබ තැබූ විශ්වාසය අමබල් රොණකින් නැතිවෙන්න තියන්නෙ නෑ… අනුර කියයි!

by editor
සැප්තැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාව ජාතික ජන බලවේගය පිළිබඳව තබා ඇති විශ්වාසය අබමල් රොනකින්වත් නැතිවෙන්න ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක ඊයේ (09) සිය උපන් ගම් ප්‍රදේශය වූ තඹුත්තේගම පැවති ජන රැළියේ දී රටට පොරොන්දු වුනේය.

තම ක්‍රියාකාරී 36 වසරක දේශපාලන ජීවිතය සිහි කළ අනුර කුමාර දිසානායක සිය මිතුරන් ඥාතීන් ඇස් ඉදිරිපිට මරා දමන ආකාරය දකිමින් මරණය එළිපත්තට විත් දොරට තට්ටු කරද්දීත් තමන් සහ තමන්ගේ පන්තියේ ජනතාව ඇතුළු මේ රටේ සාතිශය සමස්ථය පත් වී ඇති ජීවිත ව්‍යසනයෙන් මුදවා ගැනීමේ අධිශ්ඨානය අත් නොහල බවත් ජාතික ජන බලවේගය ගොඩනැගුවේ අරමුණු අත් නොහරින අධිශ්ඨාන ශීලී පොඩි මිනිසුන් පිරිසකගෙන් බවත් පැවසුවේය.

සිය දේශපාලන ජීවිතයේ 24 වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තමන් පාර්ලිමේන්තුවේ සිටිනා සියලු දෙනාගේම පැටිකිරි හොඳින්ම දන්නා බව කීවේ තැපැල් නයින්ටියෙන් ආපු පුද්ගලයා වසර කීපයකින් සුඛොපභෝගී නිවාස වාහන හිමි කෝටිපතියෙක් වූ ආකාරයත්, වත්තේ දළු ඇද්ද තැනැත්තා තේවතු හිමියෙක් වූ ආකාරයත්, එක ඩිල් එකකින් විදේශයන්හි දේපල හිමිකරගත් ආකාරයත් පිළිබඳ සිද්ධි ආවර්ජනය කරමිනි.

ඔහු සිය කතාව අතර මෙසේ ද පැවසුවේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මීට කලින් මේ මැතිවරණ පොරය තිබුණේ ඒ අයගෙ පවුල් කිහිපයක් අතරමයි. අද 2024දී එය වලව් කිහිපයක් සහ පොදු ජනතාව අතර සටනක් බවට පත්වෙලා. ජාතික තලයේ සිට ගම දක්වා මේ සටන විහිදිලා තිබෙනවා. මෙතෙක් මේ රට පාලනය කළේ පවුල් කිහිපයක් විසින්. ඒත් කමක් නැහැ. රටට යමක් කළා නම්. ජනතාව දුක් පීඩාවෙන් මුදා ගත්තා නම්. දශක ගණනාවක් මාත් ඇතුළු ඔබ මේ ව්‍යසනය දිහා බලන් හිටියා. අපි පොඩි මිනිස්සු. හැබැයි අධිෂ්ඨානශීලී මිනිස්සු. අරමුණ අත්නොහරින මිනිස්සු.

මම මේ දේශපාලන ගමන පටන් ගත්තේ 1988දී තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සිටයි. එතැන් සිට දැන් අවුරුදු 36ක් ගත වී තිබෙනවා. අපි විවිධ මර්දනයන්ට මුහුණ දුන්නා. අපේ ඇස් ඉදිරිපිට අපේ යහළුවන් මිය ගිය හැටි අපි දැක්කා. මරණය අපේ එළිපත්තට ආවා. එහෙත් මේ රටත්, ජනතාවත් මේ ව්‍යසනයෙන් මුදාගැනීමේ අධිෂ්ඨානය අපි අත්හැරියේ නැහැ. 1994දී නැවත යාන්තම් අපි නැගිටින්න පටන් ගත්තා. ජයග්‍රහණ ආවා. පසුබෑම් ආවා. සමහරු අත්හැරලා ගියා. අවලාද ආවා. අසත්‍ය තොරතුරු එන්න පටන් ගත්තා. කුමන්ත්‍රණ කරන්න පටන් ගත්තා. එහෙත් මේ ව්‍යායාමය කවදා කොතැනක හෝ ජයග්‍රහණය කරනවා කියන දැඩි අධිෂ්ඨානය අපි අතහැරියේ නැහැ. මේ අවුරුදු 36 ඇතුළත අවුරුදු 24ක් මම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

අපි මේ දේශපාලනයෙන් සතයක් උපයාගෙන නැති පිරිසක්. මහජනයාගේ ධනය අපි සතයක් නාස්ති කරලා නැහැ. අපි කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යමක් උපයා ගැනීමේ චේතනාවෙන් දේශපාලනය කරන මිනින්සු නොවෙයි. අපිත් විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි ලබනවා. රැකියාවක් කරලා පෞද්ගලිකව යම් ජීවන තත්වයක් අනුව ජීවිතය ගෙනයන්න පුළුවන් මිනිස්සු. මේ වේදිකාවේ ඉන්න වසන්ත සමරසිංහ සහෝදරයාටත් එහෙමයි. අපිට අපේ පෞද්ගලික ජීවිත සුඛිත කර ගන්න අධ්‍යාපනය පැත්තෙනුත් පාරවල් තිබුණා. දේශපාලන පැත්තෙනුත් පාරවල් තිබුණා. නමුත් මේ රටත් ජනතාවත් මේ ව්‍යසනයන් ගලවා ගැනීමේ සද්කාර්ය ඉවත දමන්න අපිට යුක්තිසහගත අයිතියක් නැහැ.

මේ ඈත ගම්වල මිනිස්සු කොතරම් පිරිසක් දුප්පත්භාවයෙන් පෙළෙනවාද? අපේ ඥාතීන්, මිතුරන් මේ දුප්පත්භාවයේ ගිලිලා ජීවිත නැතිකරගත් අවස්ථා අපි දැක තිබෙනවා. මහා විශාල බලාපොරොත්තු සහිතව හදන වඩන තමන්ගේ දරුවා නිසි අධ්‍යාපනයක් ලබාදීමට නොහැකිව තමන්ගේ දෑස් ඉදිරිපිටම විනාශ වෙන හැටි බලාගෙන හූල්ල හූල්ල ඉන්න, දෙමව්පියන්ට සිදුවෙලා. මේ ගම්වල පවුල්වල තම දරුවන් දාලා, ස්වාමි පුරුෂයන් දාලා, මොනතරම් අපේ අම්මලා, අපේ සහෝදරියෝ මැදපෙරදිග ගෘහ සේවිකා රැකියාවලට ගිහිල්ලා තිබෙනවාද? ඒ පවුල්වලින් කොච්චර ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවාද? මැදපෙරදිග ගිය අපේ අම්මලා අක්කලා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙනවා. අපි එවැනි දේ දැක තිබෙනවා.

අපේ ගම්වල මිනිසුන්ගේ ජීවිතය මොකක්ද? ඉපදෙනවා. මොනවා හරි කරනවා. ඔහේ මිය යනවා. අපිට උරුම විය යුත්තේ එහෙම ජීවිතද? නැහැ. අපේ ජනතාවට තම ජීවිත කාලය තුළ සතුටින් හොඳ ආහාර වේලක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, විනෝදයක්, සතුටක් ඕනෑ නැද්ද? ඒ ජීවිතය උරුම ඒ පැළැන්තියට විතරද? අපේ ගම්වල මිනිසුන්ට ඒ ජීවිතය උරුම නැද්ද? ඔබ ඇතිවෙනකල් මේ මහ පොළොව සමග පොරබදනවා. අස්වැන්න විකුණ ගන්න කොච්චර දුක්විඳිනවාද? නමුත් ඒ ගොල්ලෝ උඩ ඉඳගෙන මහා භාණ්ඩාගාරයේ ධනය, හොරකම් කරන්නේ කොහොමද, කියලා සැලසුම් කරනවා. ඔබ ගෙයක් හදා ගන්න කොච්චර වද විඳිනවාද? ඒ ගොල්ලෝ එක ඩීල් එකෙන් කොළඹ අතිසුඛෝපභොගී, එපාර්ට්මන්ට් ගන්නවා. එක ගනුදෙනුවෙන් ඩුබායිවලින්, එංගලන්තෙන්, ඕස්ටේ්‍රලියාවෙන් ගෙවල් ගන්නවා. ඇමෙරිකාවේ ගෙවල් ගන්නවා. ඔබ ඒ ගොල්ලන්ට බලය දෙනවා. ඔබලා පීඩනයට පත් කරනවා. ඒ ගොල්ලෝ රටේ ධනය පොදිගහගන්නවා. ඒකයි මේ ක්‍රමය.

මේක අපි කුඩා කාලයේදී මේ තරම් ගැඹුරෙන් දැක්කේ නැහැ. නමුත් අපිට ආසාවක් තිබුණා, මේ දේශපාලනය වෙනස් කරන්න ඕන කියලා. එවැනි දේශපාලනයේ දිගටම නියැලිලා ඉන්න කොට අපි දැක්කා මේ මිනිස්සු මොනතරම් ලැජ්ජා නැති අයද කියලා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 24ක් ඉන්නවා. ඔය හැමෝගේම පැටිකිරිය මම හොඳින්ම දන්නවා. ඔවුන් නිතරම තමන්ට, තමන්ගේ පවුලට පාර කපා ගන්නේ කොහොමද කියලා බලනවා. ජනතාවට වළ කපමින් ඒ ගොල්ලෝ අනාගතයට පාර කපා ගන්නවා. එදා තැපැල් නයින්ටියෙන් ගිය අය, අද මහා මන්දිර හදා ගන්නවා. වාහන හත අට ගන්නවා. අපේ ඇස් දෙකෙන් අපි දැක තිබෙනවා. රියදුරු රැකියාව කරපු සමහරු දේශපාලනයට ඇවිල්ලා කලා වැවේ, කොළඹ, නුවරඑළියේ විශාල පරිමාණ ඉඩම් ගත්තේ කොහොමද කියලා අපි දන්නවා. තේ දළු ප්‍රවාහනය කරපු උදවිය, දේශපාලනයට ඇවිල්ලා තේ වතු හිමියන් බවට පත් වුණේ කොහොමද කියලා අපි දන්නවා.

රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 08 වැනිදා බලයට ආවේ වංචා, දූෂණ නැති කරන්න කියලා. පෙබරවාරි මස 28 වැනිදා මහ බැංකුව කොල්ල කෑවා. බලය ගත්තෙම හොරකම් කරන්න. නාස්තිය සඳහාමයි. ඉන් පස්සේ මොකද වුණේ. රට කඩාගෙන වැටුණා. දරුවාට අධ්‍යාපනය අහිමි වුණා. රෝහල්වල බෙහෙත් නැති වුණා. චිත්‍රපට ශාලා වැහුණා. පොදු ජනතාවට විනෝදය අහිමි වුණා. මේවා අපි ඇස් ඉදිරිපිට දැකපු දේවල්. අපිත් සමග හිටපු යාළුවන්ගේ ජීවිත කෙළවර වූ හැටි අපි අපේ ඇස් ඉදිරිපිටම දැකපු මිනිස්සු. අපිට තේරෙනවා නම්, දැනෙනවා නම්, අපිට මනුෂ්‍යත්වය තිබෙනවා නම්, හෘදය සාක්ෂියක් තිබෙනවා නම්, මෙය වෙනස් කිරීම සඳහා ජීවිතය පරදුවට තබා සටන් වදින්න, දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් වෙන්න අපිට අයිතියක් නැද්ද? මම එහෙම සටන් වදින දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවක්. මේ රට පොහොසත් රටක් බවට පත් කරන්න අපිට අයිතියක් නැද්ද? අසල්වැසි ඉන්දියාව පරණ කෝච්චි එන්ජින් ගලවා විදුලි දුම්රිය ව්‍යාපෘති ක්‍රියාවට නගනවා. මේ පාලකයන් ගිහිල්ලා ඒ පරණ එන්ජින් තෑගි හැටියට එකතු කරගෙන එනවා.
ලෝකය දියුණුවෙනවා. අපි හිඟාකනවා. අඩුම තරමේ 60 – 70 දශකයේ පොඩි කර්මාන්ත පද්ධතියක් ගොඩනැගෙමින් ආවා. ඒ ඔක්කොම මේ පාලකයෝ විනාශ කරලා දැම්මා. ඔක්කොම දේවල් පිටරටින් ගේන්න පටන් ගත්තා. ඉන්දියාව කර්මාන්ත ඇති කරලා හදනවා. අපි කර්මාන්ත වහනවා. මේ පාලකයන්ට අපේ රටේ නිෂ්පාදනය වැඩිකරන්න කවදාවත් ඕනෑ වුණේ නැහැ. වසා දමනවා විතරක් නොවෙයි තිබෙන ඒවත් විකුණනවා. හදන්නෙම විකුණන්න. හදනකොටත් ගහනවා. විකුණනකොටත් ගහනවා. නඩු තීන්දුවට මුවාවෙලා පොස්පේට් නිධියේ පස් ඉන්දියාවට පටවනවා. ඉන්දියාව පොහොර හදනවා. අපි පස් පටවනවා.

මාවිල්ආරුසොරොව්ව වහපු වෙලාවේ කුඹුරු පාළු වුණා. ආණ්ඩුව තීරණය කළා වන්දි ගෙවන්න. වැඩියෙන්ම වන්දි ගත්තේ එස්.එම්. චන්ද්‍රසේන. මා ගාව තිබෙනවා සියලු විස්තර කොළඹ තිඹිරිගස්යායේ කොමර්ෂල් බැංකු ශාඛාවෙන් සල්ලි දැම්මා අනුරාධපුර ශාඛාවට. එස්.එම්. චන්ද්‍රසේනගෙයි, නෝනාගෙයි ජොයින්ට් එකවුන්ට් එකට. චෙක්පත්වල පිටපත් මා ගාව තිබෙනවා.

අපේ ගම්වල ජනතාව සමග අපිට ඇත්ත බැඳීමක් තිබෙනවා නම්, සැබෑ ලෙන්ගතුකමක් තිබෙනවා නම්, මේ තත්වය වෙනස් කරන්න අපි පොරබැදිය යුතු නැද්ද? අද අපිට තීරණාත්මක අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. මේ රටට වින කටිපු, මේ රට විනාශ කරපු, මේ පාලක කණ්ඩායම් නිශ්චිත වශයෙන්ම පලවා හැරලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි අනිවාර්යයෙන්ම එවැනි පන්නයේ ආණ්ඩුවක් හදනවා. මේ සෑම පැත්තෙන්ම දහස් ගණනාවක ජනතාවක් මෙතනට ඇවිල්ලා තිබෙන්නේ මොකටද? ඔබ අප කෙරෙහි විශ්වාසය තිබෙනවා. ලෙන්ගතුකම අප කෙරෙහි ඇතිවෙලා තිබෙනවා. අපි සමග බැඳීමක් ඇති වෙලා තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙනවා. ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය හා ලෙන්ගතුකම අබමල් රොනකින්වත් නැතිවෙන්න අපි ඉඩ තබන්නේ නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

25 හැවිරිදි අජාසත්ත පුතා සිය 60 හැවිරිදි පියාව පොල්ලකින් සහ මිටියකින් පහර දී ඝාතනය කරලා….

Next Post

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අවශ්‍ය නම් මාලිමාව නොවෙයි… පත්කරගත යුත්තේ මාවයි…. ජනපති රනිල් කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.