සූරියවැව නුවන් ජයසේකර –
අජාසත්ත පුතෙක් විසින් සිය හැට හැවිරිදි පියාට පොල්ලකින් ගසා මිටියකින් පහර දී ඝාතනය කර තිබේ.
අද අලුයම තනමල්විල බෝදාගම ප්රදේශයේදී එච්.එම්. ජයසේන නැමැති සිය පියා ව ඝාතනය කර ඇත්තේ 25 හැවිරිදි පුතෙකි.
සැකකාර පුත්රයා විසින් අලුයම එකයි තිහට පමණ පොල්ලකින් හා මිටියකින් පහරදී නිවස තුළදීම සිය පියා ඝාතනය කර තිබේ.
ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම ඝාතනයට සැකපිට මරණකරුගේ 25 හැවිරිදි පුත්රයා තනමල්විල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු වැල්වාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තනමල්විල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.පී.බංඩාරගේ ප්රධානත්වයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.







