දිනසේන රතුගමගේ –
ඊයේ (07) දිනයේ ජනාධිපතිවරයා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්රීවරයා අතර මාවෙයි ගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔහු රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා වෙත සහාය පලකිරීමට වක්රව කැමැත්ත ප්රකාශ කර ඇතැයි ද තවත් ධනාත්මක තීරණ කීපයකට එකඟ වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර යාපනයේ පෞද්ගලික හෝටලයකදී ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජාගේ පුතා හා අභාවප්රාප්ත රවිරාජ් හිටපු මන්ත්රීවරයාගේ බිරිද වන සෂිකලා රවිරාජ් ද හමු වී සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාවේදීද රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීමට ඔවුන්ගෙන් කැමැත්ත පල වී ඇති අතර ඒ පිළිබදව අවසන් තීරණයක් ඉතා ඉක්මනින්ම ලබා දෙන බවටද පොරොන්දු වී තිබේ.
මේ සාකච්ඡාවේදි චාවකච්චේරී ප්රදේශය වෙනම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් කොට දීමටත් යාපනයේ තවත් ගැටලු කීපයකට විසඳුම් ලබා දීමටත් ජනාධිපතිවරයා එකග වූ බව සාකච්ඡාවට සහභාගීවූ රවිරාජ්ගේ දේශපාලන කාර්යාලයේ ලේකම් එස්.කලෙයිමුදන් පැවසීය.







