මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” අද (05) බත්තරමුල්ල වෝර්ටස් එජ් හි දී එළි දැක්කේය. සන්ධානයේ ලකුණ කුසලානය ය.
යළිත් පොදුජන පෙරමුණ සමග එක්වීමක් නැති බව ඉඟි කරමින් එහිදී එම සන්ධානයේ ලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ අවධාරණය කරමින් ප්‍රකාශ කළේ ඉදිරියේ දී පැවැත්වෙන සෑම මැතිවරණයකටම තම පක්ෂය කුසලානය ලකුණින් තරග කරන බවය.
තර්ජන එල්ලකරන, වෛරී දේශපාලන කණ්ඩායම් හිස ඔසවමින් ඇති බවත්, බොරු පොරොන්දු දෙමින් ජනතාවට විහිළු සපයමින් ජනතා අභිලාෂයන් බිඳ හෙලන තවත් දේශපාලනයක් ඇති බවත්, මේ රට භූ දේශපාලනයේ බලවත් අනතුරකට මුහුණ දි ඇති බැවින් ඒ එය බේරා ගත යුතු බවත් මේ තුන් දොස් සමනය කිරීම සඳහා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ගොඩනැගූ බවත් රමේෂ් පතිරණ පැවසුවේය.
අපි පැත්ත මාරු කළේ නෑ. පැත්ත මාරු කරන්න බලාපොරොත්තුවකුත් නෑ. අපේ පැත්ත මධ්‍යස්ථ සමාජ ප්රජාතන්ත්රවාදී ව්‍යුහයක් සහිත අන්ත දක්ෂිනාංශික නොවන, අන්ත වාමාංශික නොවන දේශපාලන ව්‍යාපාරයක සාමාජිකයින් වීම. එවැනි දේශපාලන ව්‍යාපාරයක් ඉතාම සතුටින් පොදු ජන පෙරමුණ නමින් 2016 දී. නමුත් පක්ෂය කුඩම්මාගේ සැලකිලි දක්වනකොට සමහර නායකයින් ඒ පක්ෂය හැර ගියා. අපි ඒ පක්ෂයේ අවසන් මොහොත වෙනතුරු රැඳී සිටියා.
හැබැයි තීරණාත්මක ජනාධිපතිවරණයේ දී බහුතරයක මතයට විරුද්ධව පක්ෂය අපව දාලා ගියා කියලා මම තමුන්නාසෙලාට සඳහන් කරනවා.
අනාගතියේ දී සියලුම මැතිවරණවලට කුසලානය යටතේ තරග කරන බවත් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මුල්වරට කුසලානය ලකුණින්න තරග කර කුසලානය දිනාගන්න බවත් රමේෂ් පතිරණ පවසයි.







