සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මස් වැද්දන් මීට වඩා ගෞරවාන්විතයි… දොස්තර කබාය පැත්තකට තියලා අපායට යන්න ලෑස්ති වෙන්න…

by editor
සැප්තැම්බර් 5, 2024
in සමාජ
කුමුදුනී....

කුමුදුනී....

Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

මේ කියන්නට යන්නේ මිනිසෙක් විසින් නොඇසිය යුතු තුච්ඡ කතාවකි. ඒ කතාව නිශ්චිත හුදකලා සිදුවීමක් හෝ අහම්බයක් නොවන මේ සමාජයේ වැසී ඇති තිරිසන් කමේ බිහිසුණු ප්‍රකාශනයක් වීම අප තිගස්වමින් ඇත.

තමන්ට අවශ්‍ය මුදල නොලැබෙන්නේ නම් දෙනෝ දාහක් ඉදිරියේ රෝගියෙක් ටික ටික මරා දැමිය හැකි මෝචරි බවට රෝහල් පත් කරන පිශාචයින් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස ද අප ඉදිරියේ සිටින බව අප දැනගත යුතු දැනුමක් බවට පත් වී තිබේ. බිහිසුණු තත්ත්වය වන්නේ  උන්ට නඩු නැති වීමය.

දෙවිවරුලෙස සමාජ සම්භාවනාවට පාත්‍රවූ උත්තුංග පෞරුෂ සහිත වෛද්‍යවරුන් මේ කාලකණ්ණි කුම්භාණඩයින් සමග ගනු දෙනු කළ නොහැකිව එක්කෝ නිහඬව තමන්ගේ වැඩක් බලාගන්නටත්, නැතිනම් රට හැර යන්නටත් කටයුතු කරමින් සිටින බව අප අවබෝධකරගත යුතුව ඇත.

ඒ පිළිබඳව ඇසෙන ආසන්න කතාව පදනම් කරගෙන මේ සංවාදය ගොඩනැගීමේ ප්‍රවේශය සොයා ගැනීමට උත්සාහ කරමු.

ජයවර්ධනපුර රෝහලේ ඇයගේ කතාව

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඇය බී.ජි.එන්. කුමුදුනී ය. ඇයගේ සැමියා ඩුබායි රාජ්‍යයේ ගණකාධිකාරීවරයෙකි. ඔවුන් දශක දෙකකට වැඩි කාලයක් ජිවත් වූයේ විදේශගතවය. ඇය ලංකාවට එන්නේ ඇයගේ වකුගඩු රෝගයකට ප්‍රතිකාර අපේක්ෂාවෙනි. ඇයට ප්‍රවේණිගත බහු කෝෂ්ඨ වකුගඩු රෝගයක් ඇති බව වෛද්‍ය නිර්දේශය විය. ඇයට දිගුකාලීන වකුගඩු අකර්මන්‍යතාවයක් තිබිණි. අපේක්ෂාව වකුගඩුවක් බද්ධ කරගැනීමකි.

වෛද්‍ය විද්‍යාත්මක සිද්ධාන්ත ප්‍රකාරව මනුෂ්‍යයෙකුට වකුගඩු දෙකක ක්‍රියාකාරිත්වය නීරෝගී සුවපහසු සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට අත්‍යවශ්‍ය සාධකයකි. එක් වකුගඩුවක ක්‍රියාකාරිත්වය සාමාන්‍ය යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත්ය. වකුගඩු දෙකම පූර්ණ අක්‍රීය මට්ටමට පත් වූ රෝගියෙකුට උවද නවීන රුධිර කාන්දු පෙරණ සත්කාරය මගින් ජීවිතය ගැටගසා ගත හැකිය.

විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන දෙවැනි කාරණාව නම් වකුගඩු බද්ධ කිරීමක් සාමාන්‍යයෙන් සිදුකරන්නේ වකුගඩුවක් ඉවත් කර නොවේ. අක්‍රීය වූ වකුගඩු දෙක පවතිද්දී ක්‍රියාකාරී වකුගඩුවක් එක් වකුගඩුවක වාහිනී පද්ධතියට බද්ධ කරීමෙනි. අති විශේෂ තත්ත්ව යටතේ විශේෂඥ නිර්දේශ මත වකුගඩුක් හෝ දෙකම ඉවත් කර එක් වකුගඩුවක් බද්ධ කිරීම සිදුවේ. එම නිර්දේශය අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍යවරයා සතුය. ඒ තීන්දුව ඔහුගේ වෘත්තීය පරිචය සහ රෝගියාගේ ස්වරූපය මත තීරණය කරන්නකි.

නමුත් ජයවර්ධනපුර රෝහලේ දී සිදුකළ පරික්ෂණ මත දැක්වෙන විශේෂඥ වෛද්‍ය වාර්තා අනුව  කුමුදුනීගේ වකුගඩුවල යම් අකරමන්‍යතාවයක් නමුත් ඒ වකුගඩු දිනකට මුත්‍රා ලීටර 1.5 පෙරෙමින් ජීවිත තර්ජනයක් ඇති නොවන තත්ත්වයක පැවතී තිබිණි. එමෙන්ම අයට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී සිටියේ ඇයගේ සොයුරිය ය. එවිට අවයවය දායකයා සම්බන්ධව ද ප්‍රශ්නයක් මතුවන්නේ නැත. වකුගඩුවල පිළිකා වැනි විශේෂිත මාරක තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාවක් නැතිනම් මෙම රෝගියාට වකගුඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ක්ෂණිකව කිරීම අවශ්‍ය නැති බවට ද විශේෂඥ මතයක් විය.

නමුත් පවතින තත්ත්ව යටතේ රෝගියාගේ කායික ස්වරූපය තීන්දු කරන්නේ මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍යවරයාය. ඔහුගේ  නිර්දේශය ප්‍රශ්න කිරීම නිශ්ඡිත විද්‍යාත්මක පදනමකින් තොරව කළ හැකි නොවේ. විශේෂඥ  වෛද්‍ය නිර්දේශය වන්නේ කුමුදිනී ගේ වකුගඩු දෙකම ඉවත් කිරීමය.

ජයවර්ධනපුර රෝහලේ ලියාපදිංචි අංක 2216952 යටතේ වකුගඩු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි කුමුදිනී සම්බන්ධව මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍යවරයා සිය විශේෂඥ තීන්දුව ක්‍රියාත්මක කර ඇයගේ වකුගඩු දෙක ගලවා දමන්නේය. ඒ පසුගිය මාර්තු මස 04 වැනිදා ය. කුමුදිනී ගේ වකුගඩු දෙකම ඉවත් කරන්නේ සති 06ක දී ඇයට වකුගඩුවක් බද්ධ කිරීමේ නිශ්චිත නිගමනය මතය. කුමුදිනී සමග තවත් රෝගියෙකුගේ වකුගඩු බද්ධ කිරීමේ සැලසුමට සූදානම් කෙරෙන්නේය.

ගැලවූ වකුගඩු යුවල…

වකුගඩු ගැලවූ පසු

කතාවේ තුච්ඡ තිරිසන්කම ටික ටික මතුවන්නේ ඉන් අනතුරුවය. දැන් තත්ත්වය මෙසේය.

කුමුදිනීට වකුගඩුවක් ලබා දීමට ඇයගේ සොහොයුරිය සූදානම්ය. ඒ සඳහා අදාල පර්යේෂණ කටයුතු සිදුකර ඇත්තේය. ශල්‍යකර්මය සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ද ජයවර්ධනපුර රෝහලේ ඇත. දැන් සිදුවිය යුතු එකම දේ සති 06ක් තුළ අදාල ශල්‍යකර්මය සිදුකිරීමය.

එහෙත් මේ මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍යවරයා පසුගිය මාර්තු 11 වැනිදා එක්වරම ජයවර්ධනපුර රෝහලේ වකුගඩු බද්ධ කිරීම ඒක පාර්ශවිකව වර්ජනය කරන්නේය. ඔහුගේ ප්‍රධානම තර්කයක් වන්නේ තමන් සමග රාජකාරියේ යෙදෙන වකුගඩු ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය සමග ඔහුට වැඩ කළ නොහැකි බවය. හේතුව සායනික කාරණාවක් නොවේ. ඔහුටත් නොතේරේන රෝහල් පරිපාලනයටත් අදාල නැති තුට්ටු දෙකේ කුණුහරප ප්‍රබන්ධයකි. කටගොන්නක් බී ගත් අපේ ගමේ ගස් නගින ජෙමාටත් ගහකට නගින්නට නැතිව සිටීම සඳහා ඊට වඩා සාධාරණ හේතු තිබෙන්නේය.

ඔබ විශ්වාස කළ යුතුව ඇත. දැන් මාස 06කි. මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍යවරයාගේ  භූමිකාව කරන අශිෂ්ඨ මනුෂ්‍යයා ඔහු විසින්ම වකුගඩු දෙක ගලවා දැවූ අසරණ රෝගී කාන්තාවගේ සැත්කම සම්පූර්ණ කිරීම මගහරින්නේය. ඇයට වකුගඩු දෙක තිබුණා නම් යම් සාධනීය තත්ත්වයක් යටතේ ජීවිතය පවත්වා ගැනීමට ඉඩ තිබුණ බවට විශේෂඥ නිගමනයක් පවතිද්දී වකුගඩු දෙක උගුල්ලා දැමීමෙන් අනතුරුව දින පතා අහේතුකව අත්හැර දමන මේ ශල්‍යකර්ම ප්‍රමාදය මේ වනවිට කුමුදුනීගේ ජිවිතය මරණයට ආසන්න කරමින් ඇත්තේය. දැන් ඇය මාසයකට රුපියල් ලක්ෂය බැගින් වැය කරමින් සිදුකරන රුධිර කාන්දු පෙරණ ක්‍රියාවලියට යටත්ව යන්තම් ජීවිතය ගැට ගසාගෙන සිටින්නීය. දැනට ඒ සඳහා ඇය ලක්ෂ 06ක මුදලක් වියදම් කර තිබේ. ඇය මේ දියකර හරින්නේ ඇයගේ ශල්‍යකර්මය වෙනුවෙන් ඇය වෙන් කළ මුදල ය.

අවසානයේ කුමුදිනී තමන්ට වූ අසාධාරණය සම්බන්ධව රෝහල් පරිපාලනයට, සෞඛ්‍ය ඇමතිවරයාට, සෞඛ්‍ය ලේකම්වරයාට ලිඛිතව දන්වන්නේය. මේ දැනුම්වත් වීම මත රෝහල් පරිපාලනයට පත්වන නව සභාපතිවරයා මේ සිද්ධිය සම්බන්ධව වහාම පරීක්ෂණයක් සිදුකරන්නේය.

සිදුවෙමින් ඇත්තේ මාළු මාර්කට් එකකවත් සිදුනොවිය යුතු තුට්ටු දෙකේ පාදඩකමක් බව හෙළිවන්නේ එම පරීක්ෂණයේ දී ය. සිද්ධිය සම්බන්ධව රෝහල් පරිපාලනය කළ පරීක්ෂණයකට අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීමට ද නිර්දේශ වන්නේය.

සිද්ධියේ යටිපෙළ

මේ හෙළිදරව්ව කරන්නේ ජයවර්ධනපුර රෝහලේ අතිශය විශ්වාසකටයුතු ආරංචි මාර්ගයන්ය. මේ සිද්ධිය සමග සිදුකළ පරීක්ෂණයත් සමග හෙළිවන තොරතුරු අප ඔබ මෙතෙක් නෑසූ ඇතැම්විට විශ්වාස කිරීමට නොහැකි බිහිසුණු අවයව ජාවාරම්වල ම්ලේච්ඡත්වයේ අඳුරු අහුමුළු ප්‍රකාශ කරන්නේය.

ප්‍රශ්නගත මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍යවරයා මින් පෙර රෝහල් පරිපාලනය මෙන්ම රෝහලේ ඔහුට අවශ්‍ය කාර්ය මණ්ඩල මුදල් බලයෙන් සිය අතට ගෙන පුරා වසර 10කට ආසන්න කාලයක් කරගෙන ගිය නින්දිත වකුගඩු ජාවාරමක විස්තර මතුවෙමින් ඇත.

ඉතාම අහේතුක ලෙස ජයවර්ධනපුර රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ප්‍රමාද කරමින් රෝගීන් තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිය පුද්ගලික සායන සඳහා යොමු කරවා ගැනීමට මෙම මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍යවරයා සුලභව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. රෝගියෙකුගෙන් එක් සැත්කමක් වෙනුවෙන් අය කිරීම ලක්ෂ 35කට ඉහළ  අගයකි. දැනට ජයවර්ධනපුර රෝහලේ සැත්කම් වර්ජනය කර ඇති වෛද්‍යවරයා ලවා අවශ්‍යනම් කුමුදුනීට ද තලවතුගොඩ ප්‍රකට පුද්ගලික රෝහලෙන් ලක්ෂ 35කට වැඩි මිලකට හෙට වුවද ශල්‍යකර්මය කරගැනීමේ විභවයක් ඇති බව මේ සිද්ධියේ යටිපෙළ හෙළිදරවු කරයි. මේ වළක්වා ඇත්තේ ඇයට ශ්‍රි ජයවර්ධනපුර රෝහලෙන් ලක්ෂ 08කින් කරගත හැකි ශල්‍යකර්මය ය.

සදාචාරයේ සියලුම අනුමිතින්වලට බෝම්බ ගසා කුඩු කර සිදුකළේ යැයි පෙනෙන රෝගියාගේ පසුබිම සහ වත්කම් තක්සේරුව රෝගියාට මෙම තත්ත්වය උද්ගත කර ඇති බවට සිතිය හැකි බොහෝ කරුණු පෙළ ගැසෙමින් ඇත.

පණපිටින් ඌරන් මස් කරන මස්වැද්දන් තුළ මීට වඩා මානුෂික තෙතමනයක් ඇති බව හිතන්නට මේ සිදුවීම් අපට බලකර තිබේ. මේ තිරිසනුන් වැනි මිනිසුන් නීරෝගී පුද්ගලයින්ගේ වකුගඩු ව්‍යසනයට ලක් කර මුදල් ගැරූ ආකාරය, අනවශ්‍ය සැත්කම් කර රෝගීන්ගේ මුදල් සූරා කන  ආකාරය, පිළිබඳ මේ සිද්ධියත් සමග එකින් එක වාර්තා වෙමින් ඇත.

සිද්ධිය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුමගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මෙවැනි සිද්ධියක් සම්බන්ධව වාර්තා වී ඇති බවත් ඒ ගැන අපක්ෂපාතී විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත්ය. 

අප බෙහෙත් ටිකක් නැතිව කන්නට දෙයක් නැතිව හරි හමන් ජීවිතයක් නැතිව පරඬැල් සේ මැරෙන්නට අත්හළ මිනිස්සුය. නමුත් අපේ අවයව ටිකත් වෛද්‍යවරුන් ලෙස පෙනී ඉන්නා කුපාඩින්ට ජාවාරම් තෝතැන්නක් කරන්නට නම් අප සූදානම් නැත. මේ හෙළිදරව්ව කරන්නේ ඒ වෙනුවෙනි. මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා හෝ ඉන් මෙපිට නාඩි වැටෙන එකෙක්වත් තවමත් ඉතිරිව ඉන්නවා නම් මේ තුච්ඡ මිනීමැරම් නැවැත්විය යුතු බව විශ්වාස කරමු. ඒ වැඩේ රටේ මිනිස්සුන්ට භාර නොකරන ලෙස ද සිහි කර සිටිමු.

මහත්වරුනි… දැන් නම් හොඳටම ඇති. නාස්මත්තෙන් උඩට අඟලක් ගියත් බඹයක් ගියත් එකයි….

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිය දස හැවිරිදි දියණිය නිතර නිතර බලහත්කාරයෙන් දූෂණය කළ තිරිසන් ගුරෙක් පොලිස් අත් අඩංගුවට!

Next Post

යළි පොහොට්ටු දීගයක් නැති බව රමේෂ් පතිරණ ඉඟි කරයි! පොහොට්ටුවෙන් වෙන් වි ගිය පිරිස කුසලානය හදාගනී…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.