මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව දෙහිඅත්තකණ්ඩිය සේරුපිටිය ප්‍රදේශයේ දී පිහියෙන් ඇන තම පුතා මරණයට පත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරගතව කර සිටි අවුරුදු 47ක් වයසැති පියා ඊයේ ( 03 ) සවස රිමාන්ඞ් බන්ධනාගාර තුළදී ගෙල වැලලා ගැනීමෙන් අසාධ්‍යව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව පොලිසිය කියයි.
අංක 152/ 01 සේරුපිටිය, දෙහිඅත්තකණ්ඩිය ලිපිනයේ පදිංචිව සිටි
අවුරුදු විසි හතරක් වයසැති සිය පුතා වන රාජපක්ෂ දේවයලාගේ සදුන් නිමන්තට ඉකුත් 30 වෙනිදා පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පියාවූ රාජපක්ෂ දේවයාලාගේ සුමතිපාල යන අය දෙහිඅත්තකන්ඩිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යොමු කෙරිණි.
ඔහු මේ වනවිට පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ගන්නා බව පොළොන්නරු රෝහල් ප්‍රකාශකයකු අප කළ විමසීමකදී සඳහන් කළේය.







