බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනක්

by Lanka Sara Editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වූ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) පාර්ශ්වකරුවන්ගේ තිරසාර සමුළුව සාර්ථකව පැවැත්විණි. එම සමුළුව S4IG ව්‍යාපෘතියට මෙන්ම එහි පාර්ශ්වකරුවන්ට ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය. ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක් වී දියත් කරන S4IG වැඩසටහන ආන්තිකකරණයට ලක් වූ අවම වරප්‍රසාද ලත් ප්‍රජාව සඳහා නිපුණතා සංවර්ධනය තුළින් තිරසාර රැකියා උත්පාදනය කරමින් ඔවුන්ගේ ආදායම් ඉහළ නැංවීමට සහ ව්‍යාපාර වර්ධනයට ඉහළ දායකත්වයක් සපයයි. එය ආර්ථික අර්බුදය විසඳීම සහ සමාජ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය දක්වන සහයෝගයේ ප්‍රධාන කොටසකි. සංචාරක ක්ෂේත්‍රයට අදාළ නිපුණතා සංවර්ධනය ඉලක්ක කර ගත් එය කාන්තාවන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කරයි.

මෙම සමුළුවට සහභාගී වූ පාර්ශ්වකරුවෝ S4IG මුලපිරීම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඔවුන් සතු කැපවීම යළි තහවුරු කළහ. සංචාරක ක්ෂේත්‍රයට අදාළ පුද්ගලයන් බල ගන්වා ඇති නව්‍ය මැදිහත්වීම් සහ අනෙකුත් නිපුණතා සංවර්ධන මුල පිරීම් ඔවුන්ගේ පැසසුමට ලක් විය. මෙරට ආර්ථික වර්ධනය සඳහා සංචාරක ක්ෂේත්‍රය කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන පසුබිමක නිපුණතා සංවර්ධනය කරන S4IG වැඩසටහන රටේ සමස්ත ආර්ථිකයටද වාසි රැසක් ගෙන දෙයි. S4IG වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඉලක්ක කර ගත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම පිළිගත් වෘත්තීය ඉවුම් පිහුම් පාඨමාලාව ඒ අතරින් අති සාර්ථක වැඩසටහනකි. ඊට අමතරව ව්‍යාපාර උපදේශනය සඳහා වන නව්‍ය මුලපිරීම රට පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 170ක් පමණ බල ගන්වයි. බලපත්‍රලාභී උපදේශකයන් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ ගොස් ඇති පසුබිමක සුවිශේෂ උපදේශන වැඩසටහන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයට වාසි රැසක් ගෙන දී ඇත. ගමනාන්ත සංවර්ධනය සඳහා මඟ විවර කරන e-tourism මොඩලය මෙරට ප්‍රමුඛ පෙළේ ආගන්තුක සත්කාර පාඨමාලා පිරිනමන ආයතනයක් වන ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය හරහා මුදල් අය කරන පාඨමාලාවක් ලෙස දියත් කිරීමටද නියමිතය. හෝටල් මෙහෙයුම් බහුකාර්ය පාඨමාලාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් සහ පුහුණුකරුවන් අතර ඉහළ අවධානයක් දිනා ඇත.

“S4IG ව්‍යාපෘතිය සමඟ අප ඇති කර ගත් සහයෝගීතාව කැපී පෙනෙන ප්‍රතිඵල ළඟා කර ගෙන තිබෙනවා. මේ ධනාත්මක වෙනස තව දුරටත් ඉදිරියට ගෙන යන්න අප කැප වීමෙන් කටයුතු කරනවා.” ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලක්ෂ්මන් දිසානායක මහතා සඳහන් කළේය. මෙම වැඩසටහනට සිය අඛණ්ඩ සහාය ප්‍රකාශ කළ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ජානක ජයලත් මහතා සඳහන් කළේ ගෝලීය වශයෙන් පිළිගත් යහපත් පුරුදු ඇතුළත් කරමින් අදාළ චක්‍රලේඛ යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවයි. Gamma PizzaKraft Lanka පෞද්ගලික සමාගමේ මිනිසා සහ සංස්කෘතිය පිළිබඳ අධ්‍යක්ෂ නුවන් ජයවීර මහතා පැවසුවේ එම සමාගමේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් 160ක් මේ වන විට සේවය කරන බවයි. 2026 වන විට එම සංඛ්‍යාව දෙගුණ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය. S4IG වැඩසටහන සාමූහිකව ළඟා කර ගත් සාර්ථකත්වය පිළිබඳව කණ්ඩායම් නායක ස්ටීවන් මහතා මෙලෙස පැවැසීය. “රට පුරා විහිදී සිටින අපගේ රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් අපගේ නිපුණතා මොඩල සංවර්ධනය කරන්න වගේම ක්‍රියාත්මක කරන්න කැප වෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේදී අවසන් වන S4IG වැඩසටහනෙන් ඔබ්බට යමින් පුද්ගලයන්ට සහ ප්‍රජාවට සේවය කිරීමට හැකි වීම අපට ආඩම්බරයක්.” ඕස්ට්‍රේලියානු ආධාර යටතේ 2017-2024 කාලය තුළ ක්‍රියාත්මක වන S4IG වැඩසටහන මෙරට සංචාරක කර්මාන්තයට අදාළ නිපුණතා වර්ධනය කරමින් නවෝත්පාදන පෝෂණය කරන වැඩසටහනකි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Share69Tweet43
Previous Post

පකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයක්… 73ක් මිය යති… වාහන 35 ගිනි තබා හැඳුනුම්පත් පරීක්ෂා කරමින් මිනිස්සු මරලා….

Next Post

TMH සමූහයේ සභාපති ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කලාපීය අණ දෙන නිලධාරී ධුරයට

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.