ශ්‍රියානි විජේසිංහ –
මිනිස් පරිභෝජනයට නුසුදුසු දියර කිරි යෝගට් සෑදීමට ගෙන යමින් තිබියදී අත්අඩංගුවට ගෙන විනාශ කිරිමට වවුනියාව මහජන සෞඛ්‍ය පරික්ෂක සදුන් රත්නායක පියවර ගෙන ඇත.
දියර කිරි ලීටර් 400ක ප්‍රමාණයක් මෙසේ විනාශ කළ බව ලංකාසර කළ විමසුමකදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය.
දියර කිරි ඇලුමිනියම් භාජන වල අසුරා ප්‍රවාහනය කළ යුතු වුවද මෙය ප්‍රවාහනය කර ඇත්තේ ප්ලාස්ටික් ඇසුරුම්වල බහා බවත් එම දියර කිරි මත මැස්සන් මැරී තිබු අයුරු නිරික්ෂණය වූ බව හෙතෙම කීය.
ආහාර ප්‍රවාහනය කිරිමේදී මුළුමනින්ම ආවරණය වූ වාහනයක එය සිදුකළ යුතු නමුත් මෙම දියර කිරි ප්‍රවාහනය කර ඇත්තේ වහළයක් නොමැති වාහනයක බවද පැවසේ.
1980 අංක 26 දරණ ආහාර පනතට අනුව කිසියම් ආහාරයක් ප්‍රවාහනය කරන්නේ නම් එය ප්‍රවාහනය කරන පුද්ගලයින් නිරෝගි අය බවට වෛද්‍ය වාර්තාවක් සන්තකයේ තිබිය යුතු නමුත් මෙම පුද්ගලයින් සතුව එවැනි වාර්තාවක් හෝ නොතිබුණ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය.
ආහාර පනත මුළුමනින්ම උල්ලංඝණය කරමින් මෙම දියර කිරි ප්‍රවාහනය කළ බැවින් විනාශ කිරිමට සිදුවු බව හෙතෙම සඳහන් කළේය.







