ඊයේ (23) රාත්‍රියේ අම්පාර සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ රාත්‍රී ලංගම බස් රථයක රියදුරකු රාත්‍රී 8.15 ට පමණ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රියදුරු අසුන මතම ජීවිතක්ෂයට පත්වී තිබේ.
ධාවනය කරමින් තිබූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවි ඇති බව ඉගිණියාගල පොලිසිය පවසයි.
බස් රථය ධාවනය කරන අතරතුර හදිසියේ ඇති වූ රෝග තත්ත්වයකට වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන හදිසියේ වෙනත් රියදුරෙක් කැඳවා ගත නොහැකි බැවින් මහ රෑ මගීන් අසරණ කළ නොහැකි බව වෛද්‍යවරයාට කියා බස් රථයට කිලෝ මීටර 10ක් පමණවත් ධාවනය කරන්නට පෙර රියදුරුවරයා රියදුරු අසුන මතම මිය ගොස් ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා ඊයේ 23 රාත්‍රි 7.00 ට පමන බස් රථය පිටත්වි තිබේ.රියදුරුට ඇතිවු යම් අසනිප තත්වයක් නිසා ඔහු බස්රථය ඉගිණියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර ලබන වෛද්‍යවරයකු ගෙන් බෙහෙත් රුගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබේ.
ඔහුගේ අසනිප තත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දි ඇතත් වෙනත් රියදුරකු නැති බව පවසමින් එහු කොළඹ බලා බස් රථය ධාවනය කළ අතර වෛද්‍යවරයා හමුවි සැතපුම් 10 යන්නට පෙර බස් රථය පාරෙන් පිටතට පැන තිබේ.
පසුව රියදුරු කඩිනමින් ඉඟිණියාගල රෝහලට ඇතුළත් කළත් ඒ වෙනවිට ඔහු මිය ගොස් ඇති බව වාර්තාවේ.
මෙම බස් රථයේ ගමන් ගත් එක් මගියකු පමණක් සුලු තුවාල ලබා තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගින් 40 ක් පමන සිටි බව එම බස් රථයේ කොන්දොස්තර තාරක නුවන් පැවසිය.
ඉගිනියාගල පොලිසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි. ( ලංකාදීප – ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)







