කොවිඩ් තර්ජනය නිසා පේරාදෙණිය පොලිසිය වසා දැමීමට තීරණය කර තිබේ.
පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වීමත් සමග කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 28කින් 04 දෙනෙක් කොවිඩ් ආසාදිත හෙළි වීමෙන් මෙම තීන්දුව ගෙන ඇත.
දැනට පේරාදෙණිය පොලිසියේ සේවයෙ නියුතු පොලිස් නිලධාරීන් 150ක් පමණ නිරෝධායනයට යොමු කර ඇත.
හෙට පොලිස් ස්ථානය විෂබීජ හරණය කර අලුත්ම ලිපි ගොනු හා පොත් පත් භාවිත කරමින් වෙනත් පොලිසිවල නිලධාරීන් අනුයුක්ත කර සේවා පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි..







