ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දි ඉදිරිපත් වී සටින කිසිම අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමන් තීරණය කර නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් කරගැනීමට මුල් වූ මෛත්‍රිපාල සිරිසේන මෙම නිවේදනයෙන් දක්වා ඇත්තේ සභාපතිවරයා කවරෙක් ද යන ගැටලුව ඇත්තේ අධිකරණයේ බවත් මෙතෙක් අධිකරණ තීන්දුවක් ලැබී නැති බැවින් සභාපතිවරයා කවරෙක්ද යන්න කිසිවෙක් නොදන්නා බවත්ය.
හටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය නිකුත් කරන්නේ ඔහු සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවතත් සමගය. එම පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් ද සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.








