බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාල් කාන්ත සහෝදරය පොලිස් ඇමතිකම ඉල්ලුවාදැයි අහන්න කියලා නාලිකාවක් එවපු ඒස්.ඒම්.ඒස් පණිවිඩයේ කතාව ඇත්තක් බව අද තහවුරු වුනා! . අනුර කුමාර දිසානායක!

by editor
අගෝස්තු 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන වැඩ සැලැස්ම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (13) කොළඹ දී පැවැත්විනි. මාධ්‍ය ඇමතුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ය. සිය අදහස් දක්වා නිමා වූ පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ මොහොතේ මැතිවරණ ක්‍රියාන්විතය තුළ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව සිය අදහස් දැක්වූයේය. මාධ්‍යය නැගූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය: සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යා හැකි වේ යැයි ඔබ විශ්වාස කරනවාද?

පිළිතුර: රනිල් වික්‍රමසිංහ මේ වන විටත් ජනාධිපති ධුරය උපයෝගී කරගෙන රාජ්‍ය මුදල්, රාජ්‍ය වාහන, රජයේ කාර්යාල සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන තිබෙනවා. විපක්ෂ නායකත් එහෙමයි. විපක්ෂ නායක කාර්යාලය ජනාධිපතිවරණ කැම්පේන් එකට යොදා ගනිමින් ඉන්නවා. ඒ සියලු දෙනා රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපළ යොදවා ගනිමින් කටයුතු කරන ආකාරය කාටත් දකින්න ලැබෙනවා. ඒ වගේම අදාළ ප්‍රචාර ලබාදීමේදී සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ කාලයක් ලබාදීමේ වගකීම මාධ්‍යයටත් පැවරී තිබෙනවා. නමුත් සමහර මාධ්‍ය ආයතන තමන් විසින් තෝරා ගන්නා ලද අපේක්ෂකයන් ප්‍රවර්ධනයට තමන්ගේ මුළු මාධ්‍ය ජාලයම යොදවනවා. ඒ වගේම තමන් තෝරා ගත් අපේක්ෂකයාට අභියෝගයක් වන්නේ යැයි කල්පනා කරන අනෙක් දේශපාලන කඳවුරට අසත්‍ය, අභූත චෝදනා එල්ල කරමින් තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා එයත් බාධාවක්. ඒ වගේම මේ වනවිටත් ඡන්දදායකයන්ට අල්ලස්දීමේ ක්‍රියාවලියකුත් ආරම්භ කර තිබෙනවා.

නමුත් බරපතළ ගැටුම්කාරී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් ඇතිවෙයි කියලා අපි හිතන්නේ නැහැ. එවැනි ප්‍රවේශයක් ගන්න නම් ආණ්ඩුවට යම් මහජන බලයක් තිබෙන්න ඕනෑ. මහජන බලය ශූන්‍ය වූ දේශපාලන ව්‍යාපාරයකට එවැන්නක් කිසිසේත් කරන්න බැහැ. කෙසේ වෙතත් පොදුවේ මැතිවරණ ව්‍යාපාරය සාධාරණ වෙයි කියා අපි හිතන්නේ නැහැ. අපි උපරිමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ මතය නිරවුල්ව ප්‍රකාශ කර ගැනීමට පසුබිම සකස් කරමින් මැතිවරණ ක්‍රියාවලියේ යෙදෙනවා.

ප්‍රශ්නය: ඔබේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරක් මතුවී තිබෙනවාද?

පිළිතුර: අපි ඒ ගැන වැඩිය සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ. ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා සාධාරණ මැතිවරණවලට තරග වදින්න. රටේ ජනතාව නියෝජනය කරන්න. නමුත් මාධ්‍යවේදියෙක් හැටියට ඔබට මෙවැනි ප්‍රශ්නයක් නගන තරමට ප්‍රශ්නයක් මතුවී තිබෙනවා නම්, එය ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නොවෙයි. කවර හෝ දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක්ට මේ මැතිවරණ ව්‍යාපාරය තුළදී ඔහුව ඝාතනයට ලක්වේ යැයි මතයක් නිර්මාණය වෙනවා නම් ඒ දේශපාලනය පරාජය කරන්න ඕන නැද්ද? ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය සාධාරණ ලෙස ප්‍රකාශයට පත්කරන්නත්, මැතිවරණවලට ඉදිරිපත් වෙන්නත් අවස්ථාව තිබෙන්න ඕනෑ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ප්‍රශ්නය: ජාතික ජන බලවේගයේ ඉන්නේ මහජනතාවට පුරුදු මුහුණු තිබෙන පිරිසක් නොවෙයි නේද?

පිළිතුර: දැන් ඉන්න අනෙක් පුරුදු මුහුණු කවුද? මහ බැංකුවට ගහපු මුහුණු පුරුදුයි. ආණ්ඩුවෙන් බාර් ලයිසන් ගත්ත මුහුණු පුරුදුයි. ආණ්ඩුවේ කොන්ත්‍රාත්වලින් හොරකම් කරන මුහුණු ටික පුරුදුයි. සීනි බදුවලින් වංචා කළ මුහුණු ටික පුරුදුයි. මහ බැංකු බැඳුම්කරවලින් සල්ලි බෙදා ගත්ත අය පුරුදුයි. ඒ ඇයි? බැංදුම්කර හොරකම සම්බන්ධයෙන් පොතක් ලිවීමට රුපියල් ලක්ෂ 30ක් ගත්තා කියලා ඡායාරූපයත් එක්ක පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්ති පළ වෙනකොට ප්‍රවෘත්තියක් දකිනවා, මුහුණත් දකිනවා. ඒ අය පුරුදුයි. මහජනයාගෙන් කප්පම් අරගෙන අවුරුදු හතරකට ඇඟ බැඳලා කෝටි දෙකහමාරක දඩයක් ගෙවන්නත් නියම වූ, කෝටි දෙකක වන්දියක් ගෙවන්නත් නියම වූ ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් පළවෙනවා. ඒ මුහුණු පුරුදුයි. බන්ධනාගාරයට පැන සිරකරුවන් එළියට ගෙන පිස්තෝලය හිසට තබා තර්ජනය කළ රත්වත්තේගේ ප්‍රවෘත්තියක් යන කොට ඔහුගේ මුහුණ පුරුදුයි. නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් මාංචු දමාගෙන මහාධිකරණයට යන ඡායාරූප පළ වුනාම ඒ මුහුණු පුරුදුයි. ජනතාවට ඒ මුහුණු ගොඩක් හුරුවී තිබෙන්නේ අපරාධ කරලා. මහජනයාගේ ධනය නාස්ති කරලා. ඒ වගේ මුහුණු අපිට නැති බව ඇත්ත. නමුත් ගමක කැන්වසින් ව්‍යාපාරයක යෙදෙනවා නම්, ඒ ගමේ පිළිගන්න සමාජයට බලපෑම් කළ හැකි කණ්ඩායමක් අපි ළඟ ඉන්නවා. නමුත් ඒ අයගේ නම් ප්‍රසිද්ධ වෙලා නැහැ. අනෙක් පැත්තේ අයගේ නම් ප්‍රසිද්ධ වී තිබෙන්නේ වංචා සහ හොරකම් සම්බන්ධයෙන්.

ප්‍රශ්නය: කේ.ඩී. ලාල්කාන්ත පොලිස් ඇමති ධුරය ඉල්ලූ බවට ප්‍රචාරයක් යනවා. එහි සත්‍යතාවයක් තිබෙනවාද?

පිළිතුර: යම් නාලිකාවක් අපෙන් ඔය ප්‍රශ්නය අහන්න කියලා එස්.එම්.එස්. පණිවිඩයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට යවපු එකක් මම දැක්කා. ඒ ප්‍රශ්නය අහපු එක ගැන බොහොම සතුටුයි. මම මුලින් හිතුවේ ඒ එස්.එම්.එස්. පණිවිඩය බොරු එකක් කියලා. ලාල්කාන්ත සහෝදරයාගෙන් පොලිස් අමාත්‍ය ධුරය ලැබෙනවාද කියලා අහන්න යැයි මාධ්‍ය නාලිකාවකින් යැවූ එස්.එම්.එස්. පණිවිඩය ඇත්ත බව දැන් තහවුරුයි. මේ මාධ්‍ය හැසිරෙන්නේ එහෙම. මාධ්‍ය නාලිකාවලට අපේ ව්‍යාපාරය නටවන්න බැහැ. මාධ්‍යවල තිබෙන යටි උවමනාවලට අපි ගොදුරු වෙන්නේ නැහැ.

ප්‍රශ්නය: 88/89 සම්බන්ධයෙන් යළිත් ප්‍රචාර දියත්කරමින් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර: අවස්ථා ගණනාවකදී අපි ඒ පිළිබඳව පැහැදිළි කිරීම් කර තිබෙනවා. අපේ අතින් සිදු නොවිය යුතු සිදුවීම් පිළිබඳව අපේ කණගාටුවත් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබෙනවා. තවදුරටත් මේ ප්‍රශ්නය අහන්නේ අවංකව නොවෙයි. කවර හෝ කෙනෙකුට ඒ ඉතිහාසය නිරාකරනය කර ගැනීම සඳහා ප්‍රශ්නය අහනවා නම්, තවදුරටත් පැහැදිලි කර දෙන්න අපි ලැහැස්තියි. නමුත් බොහෝ විට මේ ප්‍රශ්නය අහන්නේ ජාතික ජන බලවේගයට සහයෝගය නොදී සිටීමට තීරණය කර තිබෙන අය ඒ තීරණය සාධාරණීය කරනය කර ගැනීමට සමාජයට කියන්න ඔය ඉතිහාසය උපයෝගී කරගෙන තිබෙනවා. අපි 1994 ඉඳලා අවුරුදු 30ක් එක ගල් කැටයක් අතින් නොගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ රැඳී සිටිනවා. අපේ සහෝදරවරු ගණනාවක් මේ කාලය තුළ ඝාතනය කළා. අපේ නලින්ද සහෝදරයා සහභාගී වූ රැස්වීමකට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කළ අපරාධකරුවන්, මිනීවරුවන් අධිකරණවලින් නිදහස් කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් සම්මත කරගෙන තිබෙනවා. එවැනි කණ්ඩායම් අපට ඇඟිල්ල දිගු කිරීම තවදුරටත් වලංගු නැහැ. එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න කෙනෙකුට හැර සාධාරණව කල්පනා කරන අය මේ ප්‍රශ්නය මතු නොකරන බවයි අපේ විශ්වාසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බදියුදීන් සජිත් එක්ක එක් වෙයි!

Next Post

තණමල්විල දැරියට අහිමිවුන ජීවිත සාධාරණය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙනී සිටී…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.