එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (14) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.
ඒ කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීය.
මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර අන්‍යාගමික පූජකවරුන් ද ආගමික වතාවත් සිදු කොට ආශිර්වාද පළ කළහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මැති ඇමතිවරුන් රැසක් ද, එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදෙන දේශපාලන පක්ෂ හා සංවිධානවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







