මාතෘ භූමිය ආරක්ෂා කරගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත සහාය දෙන ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවට සහ පාක්ෂිකයන්ට ඇහුම්කන් දෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය පලකිරීමට කටයුතු කරන බව වාරිමාර්ග සහ වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමති පවිත්‍රා වන්නිආරච්චි නිවේදනයක් නිකුත්කරමින් දන්වා තිබේ.
විශේෂත්වය වන්නේ ඇය මෙම නිවේදනය නිකුත් කරන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වීමය.
ඇය කියන්නේ පොදුජන පෙරමුණේ රැඳී සිටිමින් ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය දෙන බව දන්වා ඇත.









