මෙවර ප්‍රංශ ඔලිම්පික් උළෙලෙදී වැඩිම අවධානයක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩා ඉසව්ව වූයේ කාන්තා බොක්සිං අංශය ය.
ඒ ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ් ඇගේ ඉතාලි තරඟකාරිය වන ඇන්ජෙලා කරිනි පැරිස් ඔලිම්පික් තරඟාවලියේ දී තත්පර කිහිපයකින් පරාජය කිරීමත් සමඟය. මෙහිදී ඉතාලි ක්‍රීඩිකාව තරඟය ආරම්භ වී තත්ත්පර කීපයක් ගතවන විටදීම තමන් තරඟයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළාය. ඇය ඊට හේතුව ලෙස සඳහන් කර සිටියේ තම තරඟකාරියගෙ ප්‍රහාරවල ප්‍රබලත්වය තමන්ට දරා ගැනීමට නොහැකි බවය.

මේ සමඟ ඇල්ජීරියානු ක්‍රීඩිකාව පිළිබඳව දැඩි අවධානයක් ඇති විය. ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ද දැඩි විවාදයක් නිර්මාණය වූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ශවයන් රැසක් විවිධ මත ඉදිරිපත් කළහ.
කෙසේ වෙතත් කෙලිෆ් උපතින්ම කාන්තාවකි. එනම් ඇය ජෛව විද්‍යාත්මකව කාන්තාවකි. ඇගේ විදේශ ගමන් බලපත්‍රයේ සිට අනෙක් සියලුම සාධක ඇයගේ ස්ත්‍රීත්වය සහතික කර ඇත. කෙලීෆ් සම්බන්ධ මේ ප්රශ්නය ඇත්ත වශයෙන්ම බොක්සිං ක්‍රීඩාවේ අන්තර්ජාතික පාලක මණ්ඩලය සහ ජාත්‍යන්ත ඔලිම්පික් කමිටුව අතර ඇති වූ විරසකය ප්රකාශනයක් ලෙස අවධානයකින් තත්ත්ව විග්රහ කළහොත් වටහා ගත හැකිය.
කෙලිෆ් එක්වරම පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වූවා නොවේ. ඇය පරාජයන් අත් විඳිමින් ධරුණු බිඳවැටීම් මැද කැපවීම් සහිත ගමනක් ආ ක්‍රීඩිකාවකි. ඇය ටෝකියෝ ඔලිම්පික් උළලේ මෙන්ම පසුගිය වසර හය පුරා පැවති ප්‍රධාන ආධුනික බොක්සිං තරඟාවලි ඇතුළුව – ඉහළම ජාත්‍යන්තර ඉසව්වලට තරඟ කළාය. ඒ තරගවලදී සිය සටන් කුසලතා මනා ලෙස විදහා පෑමට ඇය සමත් වූවා ය.
දක්ෂ ක්‍රිඩිකාවක් වුවත් කෙලිෆ් මීට පෙර ඉතා බලවත් ප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් ඇති ක්‍රිඩිකාවක් ලෙස සහ තමන් ප්‍රතිවාදීන්ට විශාල බලපෑමක් කළ හැකි විශේෂ ශාරීරික ශක්තියක් ඇති ක්‍රීඩිකාවක් ලෙසට කරලියට පැමිණි තැනැත්තියක් නොවේ. ඇයගේ ප්‍රහාරවල ප්‍රබලත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූයේ පැරිස් ඔලිම්පික් තරඟාවලිය අතරතුරදී වීමද විශේෂත්වයකි.
කෙසේවෙතත් තත්ත්පර 46ක් තුළදී තම ප්‍රතිවාදී ක්රිඩිකාව පරාජය කිරීමට සමත්වීමත් සමඟ කෙලීෆ් සම්බන්ධයෙන් ලොව පුරාම සොයන්න පෙළඹිණි.
ඒ අනුව ලොවක් කැලඹූ මෙම ක්රිඩිකාව කවුරුන්දැයි ලංකාසර අපද සොයා ගියෙමු,

ඇය කවුද?
කෙලිෆ් 1999 දී ඇල්ජීරියාවේ වයඹදිග ග්‍රාමයක උපත ලබා ඇත. ගැහැණු ළමයකු වීම හේතුවෙන්ම බොක්සිං ක්‍රීඩාවට සහභාගී වීමට ඇයට ඇගේ පියාගේ අනුමැතිය මුල් කාලයේදී ලබා ගැනීමට නොහැකි විය. තම ළමා කාලය සිහිපත් කරමින් කෙලිෆ් පැවසුවේ ඇයට පුහුණු වීම් කිරීමට කිලෝමීටර් 10 ක් ගමන් කිරීමට සිදු වුවද, ඇගේ නව ආශාව හඹා යෑම වෙනුවෙන් නව යොවුන් වියේදී දැඩි ඇලුම්කමක් දැක්වූ පාපන්දු ක්‍රීඩාවද අතහැර දැමූ බවය.
කෙලිෆ් දැක්වූ දක්ෂතා හමුවේ අවසානයේ ඇල්ජීරියාවේ ජාතික කණ්ඩායමේ අවධානයට ඇය ලක් වූවාය. 2018 දී ඇය ඇගේ ප්‍රධාන තරඟාවලිය ආරම්භ කළද පළමු වටයේදී ඇය පරාජයට පත්විය. කෙසේවෙතත් ඇයගේ දැඩි කැපවීම මත දක්ෂ ක්‍රිඩිකාවක් බවට පත්වීම කෙලිෆ් සමත් වූවාය.
ටෝකියෝ ඔලිම්පික් උළෙල
වසර තුනකට පෙර ටෝකියෝ ඔලිම්පික් උළෙල වෙත ඇල්ජීරියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ පළමු ඔලිම්පික් කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් තිදෙනාගෙන් එක් අයකු ලෙස කෙලිෆ් එරට ඉතිහාස පොත්වලට එක් වුවාය. ඇය සිය ආරම්භක තරගය ජයගත් නමුත් අවසානයේ රන් පදක්කම්ලාභී අයර්ලන්තයේ කෙලී හැරින්ටන් හමුවේ පරාජයට පත්විය.
ඇය ඉන්පසු ලෝක ශූරතා දෙකේදී ද හොඳින් ක්‍රීඩා කරමින් ඇයගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගත් අතර ඇය මේ වසර මුලදී යුනිසෙෆ්හි ජාතික තානාපතිවරියක් බවටද පත්වූවාය.
රුසියානු ගේම
මේ අතර කෙලීෆ් 2023 බොක්සිං ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවද ජාත්‍යන්තර බොක්සිං සංගමය විසින් ඇගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අපෙක්ෂිත මට්ටමට ඉහළින් පවතින බවට පවසමින් තරඟවාලියෙන් ඇයව ඉවත් කරනු ලැබීය.
කලීෆ් තරඟාවලියෙන් ඉවත් කිරීම දැඩි අර්බුදකාරී සිදුවීමක් වු අතර ඇය එම සිදුවීම සඳහන් කර සිටියේ තමන්ට එරෙහිව සිදු වූ කුමන්ත්රනයක් ලෙසය.

ඇය මීට පෙර ගැටලු නොමැතිව තරඟ කර ඇති අතර ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් ඇය නුසුදුස්සකු කරනු ලැබුවේ 2023 තරඟාවලියේදී රුසියානු බොක්සිං ක්‍රීඩිකා අසලියා අමිනේවා පරාජය කිරීමෙන් පසුවය.
ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය පාලනය කරනු ලබන්නේ රුසියානු ජාතික උමාර් ක්‍රෙම්ලෙව් විසිනි. ඔහු රුසියානු රජය සතු බලශක්ති සැපයුම්කරු වන ගෑස්ප්රොම් ආයතනය ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ගෙන ආවේය. අනතුරුව පාලක මණ්ඩලයේ බොහෝ මෙහෙයුම් කටයුතුද රුසියාව වෙත ගෙන ගියේය.
මේ අතර තායිවානයේ ලින් යූ-ටිං “කිසිදු නිසි ක්‍රියාවලියකින් තොරව හදිසියේම නුසුදුස්සකු බවට ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය විසින් හදිසි හා හිතුවක්කාර ලෙස තීරණය කළේය. එහිදී නිසි ලෙස සඳහන් නොකළ ජෛව රසායනික පරීක්ෂණයකදී නිසි සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වීම නිසා ලින් හට ක්‍රිඩා කිරීම තහනම් කරනු ලැබීය.

ඒ අනුව ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලනය සඳහන් කළේ බොක්සිං සංගමයේ ලේඛන වලට අනුව එහි මහලේකම් විසින් ඒකපාර්ශ්විකව මෙම තීරණය ගෙන ඇති බවය.
කෙසේවෙතත් කෙලීෆ් සම්බන්ධයෙන් ඉදිරියේදී කුමණ තීරණයක් ගනු ඇතිදැයිද යන්න අපහැදිලිය. මේවන විට ජාත්‍යන්තරය තුළ කාන්තාවන් හඳුනා ගැනීම සම්බන්ධයේද දැඩි ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇත.
එහිදී ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් තුළ සංක්රාන්ත ලිංගික කාන්තාවන්ද උපතින්ම කාන්තාවන්ට සමාන බවට සලකා බලන ලෙසට මතවාදයක් පළවී ඇති අතර එවැනි පසුබිමක ඉදිරියේදී කාන්තා ක්‍රීඩා ඉසව් විශාල වශයෙන් වෙනස් වීමටද ඉඩ පවතින බවට මත පලවී ඇත







