ශ්‍රියානි විජේසිංහ –
අප ආහාරයට ගන්නා සහල් වල කැඩ්මියම් හා ඊයම් විශාල වශයෙන් අන්තර්ගත බව කරන ලද පර්යේෂණයකින් හෙලිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකය සඳහන් කරයි.
හඳුනා නොගත් වකුගඩු රෝගය පැතිර යන ප්‍රදේශ ආවරණය වන ආකාරයට එම ප්‍රදේශයන්හි ජීවත්වන පුද්ගලයින් දෛනිකව පරිභෝජනය සදහා ලබා ගත් සහල් කිලෝ 90ක සාම්පලයක් සෞඛ්‍ය අංශ විසින් පරික්ෂාවට ලක්කිරීමේ දී ඉන් සියයට 23ක ප්‍රතිශතයක කැඩිමියම් හා ඊයම් විශාල වශයෙන් අන්තර්ගතව තිබු බව හෙලිවිනැයි පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පැවසුවේය.
සම්මතය නම් සහල්වල කැඩ්මියම් හා ඊයම් වැනි බැර ලෝහ සුළු වශයෙන් හෝ අන්තර්ගත නොවිය යුතු බව වුවද කැඩ්මියම් මයික්‍රො ගෑම් 25ට වඩා අඩු ප්‍රමාණයක්ද ඊයම් මයික්‍රෝග්රෑම් 400ක ප්‍රමාණයක්ද එම සහල්වල අන්තර්ගතව තිබු බව පර්යේෂණයේදී හෙළි වූ බව හෙතෙම පැවසුවේය.
ශරීරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයන්ගෙන් ඊයම් හා කැඩ්මියම් සහල්වල අන්තර්ගත වීම හා ඒවා දෛනිකව ආහාරය ගැනීම දියවැඩියාව, අධිරුධිර පීඩනය, ස්ථුලභාවය හා බුද්ධිහීනතාවය ට හේතුවක් විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
තුන්වේලට බත් ආහාරයට ගැනීම බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමට හේතුවක්වන බව මෙම පර්යේෂණයෙන් අනාවරණය වූ බැවින් බත් සුළු වශයෙන් ගෙන ඉතිරිය මස් , මාළු , එළවලු හා ධාන්‍යවලින් ආහාර පිඟාන සම්පූර්ණ කර ගන්නැයි ඔහු ඉල්ලිමක් කරයි.







