බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අවතැන් කඳවුරකට තවත් ඊශ්‍රයාල ප්‍රහාරයක්… 30ක් මිය යති… අශිෂ්ඨ සංහාරය දිගටම…

by editor
ජූලි 27, 2024
in ජීවිතය
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

සියලුම ලෝක සම්මතයන් බිඳී යමින් ඇත. ලෝකයේ ආයාචනයන්, ඉල්ලීම්, තරවටු කිරිම් ඇතුළු ශිෂ්ට සම්පන්න සමාජයක කළ හැකි ඉහළම බලපෑම එල්ලවී තිබුණ ද ඊශ්‍රයාලය සිය සමූහ ඝාතන ක්‍රියාදාමය නවත්වා නැත.

යළිත් අද (27) මධ්‍යම ගාසා තීරයේ ඩීර්-අල් බාලාහි පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාරය දියත් කර තිබුණේ එම පරිශ්‍රය තුළ ඇති හමාස් අණදෙන සහ පාලන මධ්‍යස්ථානයක් විනාශ කිරීම සඳහා බව ඊශ්‍රයාලය ගැති බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.

එම පාසල භාවිතා වී තිබුණේ අවතැන් කඳවුරක් ලෙසය 4000කට වැඩි අවතැන් වූවන් පිරිසක් පාසලේ නවාතැන් ගෙන සිටි බව පලස්තීන සිවිල් ආරක්‍ෂක අංශය පැහැදිලි කළේය. ප්‍රහාරයෙන් පසු එම කඳවුරු පාසලේ සිට අල්-අක්සා රෝහලට පැමිණි බොහෝ වින්දිතයින් කාන්තාවන් සහ ළමුන් බව රෝහලේ ප්‍රකාශක වෛද්‍ය කලීල් අල්-දක්‍රාන් ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඊශ්‍රයාලය මේ සතිය ආරම්භ කළේ ඛාන් යූනිස්හි නව මෙහෙයුමක් දියත් කළ බව කියමින් ඊශ්‍රායාලය සිවිල් වැසියන් විෂයෙහි දියත් කළ නින්දිත ප්‍රහාරයක් දියත් කර පලස්තීනුවන් දුසිම් ගනනක් මරා දමමිනි. ඊශ්‍රායල හමුදාව ඛාන් යූනිස්හි සිවිල් වැසියන් තවත් දකුණට විතැන් කිරීමේ නියෝග නිකුත් කිරීමෙන් ඉක්බිතිව අවතැන් කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල කිරීම ලෝකය සාධාරණීකරණය කරනු ඇත්තේ කෙසේ දැයි නොදනිමු.

ගාසා තීරයේ පවතින්නේ දීර්ඝ සටනකි. එය මාස ගණනක් කරන කෲර මෙන්ම අශිෂ්ඨ සංහාරයකි. ඔවුන් පවසන ආකාරයට ඔවුන් දියත් කර ඇත්තේ හමාස් තුරන් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ මෙහෙයුමකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කළේ පසුගිය සඳුදා පමණක් ඛාන් යුනිස් වෙතින් පලා ගිය සිවිල් වැසියන් ගණන 150,000 ක් පමණ වන බවය. මේ වනවිට ඒ අවතැන් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් නැත. ආහාර සහ ජලය ඇත්තේ අතිශය සීමිත සැපයුම්ය. නවාතැන් ගැනීමට ඇති ස්ථාන අල්පය.

මේ වනවිට ඊශ්‍රයාල හමුදාව තවත් නිවේදනයක් නිකුත් කරමින් ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව මෙහෙයුමක් ආරම්භ කිරීමට ආසන්න බැවින් ඛාන් යුනිස්හි දකුණු ප්‍රදේශවල ජනතාවට වහාම අල් – මාවාසි ප්‍රදේශයට ඉවත්වන ලෙස දන්වා තිබේ. එහෙත් ඔවුන් ජනතාවට විතැන්වීමට යැයි දැනුම් දෙන අල්මාවාසි යනු නැවත නැවතත් ඊශ්‍රයාල ප්‍රහාරවලට ලක් වූ භූමියක් බවත්, ජූලි 14 වැනිදා එල්ල කළ ප්‍රහාරද ඇතුළුව මෙම භූමියේ දී පුද්ගලයින් 90ක් මරා දමා 300 දෙනෙකුට තුවාල සිදුකිරීමට  ඊශ්‍රයාලය කටයුතු කළ බවත් පලස්තීන වාර්තා පෙන්වා දී තිබේ.

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මේ වනවිට පලස්තීනුවන් 39,090 ක් මිය ගොස් තවත් 90,147 ක් තුවාල ලබා ඇති බව එහි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, ජූලි මස මුල වන විට, ගාසා තීරයේ මිලියන 2 කට ආසන්න ජනතාවක්, එනම් ගාසාහි සමස්ථ ජනගහණයම පාහේ අවතැන් වී සිටියහ.

ගාසා තීරයේ සේවය කරන ආධාර ආයතන මීට පෙර අවධාරණය කර පෙන්වා දුන්නේ මෙවැනි ඉවත් කිරීමේ නියෝග හදිසි සලාක බෙදා හැරීම වඩාත් දුෂ්කර කර ඇති බවය.

“ගාසා තීරයේ ජනතාව වෙහෙසට පත්ව සිටිති, අමානුෂික තත්වයන් තුළ ජීවත් වෙති, කිසිදු ආරක්ෂාවක් නොමැතිව,” එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය සඳුදා X හි පළ කළේය.

ඊශ්‍රයාල හමුදාවට අනුව “මානුෂීය ප්‍රදේශයක්” ලෙස නම් කර තිබූ ඛාන් යුනිස්හි ප්‍රදේශයක උමං මාර්ගයකින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පස් දෙනෙකුගේ සිරුරු බදාදා සවස සොයාගෙන තිබේ.

ලෝකය සටන් සහමුලින්ම නැවැත්විය නොහැකිනම් සටන් විරාමයක් හෝ අපේක්ෂා කරයි. සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් ගිවිසුමකට එළැඹීමේ හැකියාව පිළිබඳව එක්සත් ජනපද සහ ඊශ්‍රායල නිලධාරීන් මේ සතියේ සුභවාදී අදහස් පළ කළ ඇතැයි බටහිර මාධ්‍ය පවසයි.

ලෝකයේ ශික්ෂිත මිනිස්සු මේ මොහොත අපේක්ෂා කරති. ඒ එක් දවසක් හෝ සුරක්ෂිතව ජීවත් වීම සඳහා ගසාහි අසරණයින්ට සහතිකයක් දීම වෙනුවෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම චීනය දිනා ගනී!

Next Post

වෙනස වඳුරු නැටුම් නැති එක විතරයි… පන්දු 26 ක දී ලකුණු 21කට කඩුළු 07ක් දැවෙයි… ලකුණු 43කින් පරාදයි!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.