කීර්ති ප්‍රනාන්දු –
පොලිස්පති ධූරයේ රාජකාරි කිරීම තහනම් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අද ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මේ රටේ යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් දෙනු ලැබූ අතිශය වැදගත් තීන්දුවක් බව කතෝලික සභාවේ මාධ්යධ ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අද ප්‍රකාශ කළේය.
උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ අද (24) අග රදගුරු නිල නිවසේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිකාදිනල් හිමිපාණන් එම නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ කෙනෙක්. අපි ඉන් දහසක් කලේ මේ දේශබන්දු තෙන්නකෝන් කියන තැනැත්තා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඔහුට විරුද්ධව නිර්දේශයක් තියනවා.
ඒ තමයි ඔහු මේ ප්‍රහාරය වැලැක්වීමේ වගකිම පැහැර හැරිම නිසා ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න කියන එක.
විනය පරික්ෂණයක් සිද්ධ වුනා කියලා කාලයකට කලින් ප්‍රකාශ වුනා. නමුත් ඒ විනය පරීක්ෂණය නිසි පරිදි සිද්ධ වුනේ නෑ. හරි හැටි විනය පරීක්ෂණයක් තියනවා නම් එය සිදුවිය යුත්තේ දේශබන්දු තෙන්නකෝන් මහත්තයගේ ධූරය අත්හිටුවලා. ඔහු එතැනින් ඉවත් කරලා ඔහුගේ ධූරය අත් හිටුවලා තමයි විනය පරික්ෂණයක් කළ යුත්තේ. එහෙම දෙයක් සිද්ධ වුනේ නෑ.
ඒ විනය පරීක්ෂණය කරන්න පත් කරලා හිටිය කමිටුවෙ හිටිය අය දේශබන්දු තෙන්නකෝන්ට වඩා වඩා පහළ ශ්‍රේණිවල ඉන්න නිලධාරීන්. ඒ නිසා ඒ පරික්ෂණය පිළිගන්න පුලුවන් පරික්ෂණයක් නෙමෙයි කියලා දැන් බොහෝ තැන්වල තියනවා.
අපි කියන්නේ එවැනි තැනැත්තෙක් පොලිස්පති ධූරයට පත් කිරීම කියන්නේ, චෝදනාවට ලක් වෙලා තියන කෙනෙක් පාස්කු ප්‍රහාරය සහ තවත් දේවල් සම්බන්ධයෙන්… මෑතක ලැබුණ නඩු තීන්දුවල අපි දැක්කා ඔහු රැඳවුම් භාරයේ සිටි අයට ඉතාම ධරුණු වද හිංසා පැමිණවීම සම්බන්ධව ඔහු වරදකරු වුනා. ඔහුට දඬුවම් නියම කළා. වන්දි ගෙවන්නත් සිද්ධ වුනා.
එවැනි පුද්ගලයෙක් පොලිස්පති ධූරයේ රැඳී ඉන්නවා කියන්නේ අපට බලාපොරොත්තු වෙන්න බෑ යුක්තිය හා සාධාරණත්වය.
ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙනුත් යුක්තිය සහ සාධාරණය ගන්න පුලුවන්කමක් නෑ . මේ පුද්ගලයා එම ප්‍රහාරයේ විමර්ශන කොමිෂන් සභාවකින් නිර්දේශයක් තියන පුද්ගලයෙක්. විනය පරික්ෂණයක් කරන්න කියලා නිර්දේශ කළ පුද්ගලයෙක් පොලිසියෙ ලොකු පුටුවෙ ඉන්දවනවා. ඒ යුක්තිය අපට බලාපොරොත්තු වෙන්න බෑ.
ඒ නිසා තමයි මේ නඩුවට කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව සම්බන්ධ වුනේ. නඩුවෙ තීන්දුව එනතුරු දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට පොලිස්පති ධූරයේ රාජකාරි අත්හිටුවලා තියනවා ශ්‍රේෂ්ඨාධිකරණය.
ඒක ඉතාමත්ම වැදගත් හොඳ තිරණයක්. මේ රටේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කිරීම වෙනුවෙනුත්… ඒ වගේම නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම වෙනුවෙනුත්.







