එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙපළක්, වත්මන් කැබිනෙට් මණ්ඩලයේ ප්‍රබලයන් දෙදෙනෙක් හා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සහෝදරයන් දෙදෙනකුගෙන් සමන්විත සන්ධානයක් සැකසෙමින් ඇති බව ලංකාසරට වාර්තාවේ.
මේ සඳහා ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද එක්වීමට නියමිතව ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙම සන්ධානයේ අරමුණු ලෙස ප්‍රධාන වශයෙන්ම දූෂණයට එරෙහිවීම මෙන්ම ක්‍රීඩාවේ දූෂණ වළක්වා පිරිසිදු ක්‍රීඩාවක් රට තුළ ස්ථාපිත කිරීම හා නීතිය වල්වැදීමෙන් මුදවා ගැනීම ඉදිරිපත් කර ඇත.
මෙම සන්ධානයේ සාමාජිකයන් ආසන මට්ටමෙන් රටපුරා ඒකරාශි කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් අවසන් අවස්ථාවේ සන්ධානය සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට සහාය පළ කිරීමේ අභිලාෂයක් සහිතව පෙළ ගැසෙනු ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.







