ලෝකයේ පුරා සිදුවූ පරිගණක පද්ධති බිඳ වැටීමත් සමග අපේ රටේ ඇතැම් පරිගණක වලට ද blue screen error එක පැමිණ තිබිණි.
Microsoft ආයතනයට සම්බන්ධ නොවන, Crowdstrike cyber security ආයතනය විසින් ඔවුන්ගේ මෘදුකාංගයක සිදු කළ යාවත්කාලීන කිරීමක් හේතුවෙනක් මේ තත්ත්වය ඇති වී ඇති බවට වාර්තා විය.
ඔබේ පරිගණකයට blue screen error පැමිණියේ නම් මේ ආකාරයෙන් එය නිවැරදික ගැනීමට උත්සාහ කළ හැකිය.
- ඔබගේ පරිගණකය safe mode එකෙන් ඔන් කරගන්න, ඔන් කර ගැනීම සඳහා live OS එක භාවිතා කළ ද ගැටලුවක් නැත.
- system partition එකේ මේ තියෙන path එකට යන්න. C:\Windows\System32\drivers\CrowdStrike directory. (ඔබගේ partition lable එක අනුව මෙහි C වෙනස් වෙන්නට හැක.)
- ඉහත path එකේ ඇති ෆෝල්ඩර් එක තුළ තිබෙනා මෙම නම තියෙන ෆයිල් එක හොයාගන්න. “C-00000291*.sys”
- එය Delete කර දමන්න.
- පරිගණකය නැවත සාමාන්‍ය ලෙස on කරගන්න
(Safe mode එකට ගන්නා ආකාරය ඔබගේ පරිගණක මාදිලිය අනුව youtube එක පරික්ෂා කර සොයා බලන්න. Dos commands දන්න කෙනෙක්ට නම් මේක ලොකු ගැටලුවක් නොවේ.)







