දිනසේන රතුගමගේ –
යාපනයේ ඌර්කාවතුරේ මුරුගන් කෝවිල වන්දනා කිරීමට පැමිණ සිටි ලිංගික සංක්‍රාන්තික කාන්තාවක් පැහැර ගෙන ගොස් ඇයට ලිංගික අතවර හා අඩන්තේටම් කළ තරුණයින් තුන් දෙනෙකු ඌර්කාවතුරේ පොලීසිය විසින් අද (14 ) අත් අඩංගුවට ගෙන තිබේ.
කොළඹ සිට පැමිණ ඇති මෙම කාන්තාව යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ සිටින සිය මිතුරියක් මුණ ගැසීමට පැමිණ ඇති අතර ඇය කෝවිලට ගොස් ඇති බව සැලවීමෙන් පසුව කොළඹ සිට පැමිණි කාන්තාවද කෝවිලට ගොස් තිබේ.
කෝවිලේ අධික සෙනග නිසාත් ඇගේ ජංගම දුරකතනය විසන්ධි කොට තිබූ නිසාත් කාන්තාවට සිය මිතුරිය හමු වීමට නොහැකි වීම නිසා ඇය කෝවිල වැඳ මිතුරියගේ නිවසට අලුයම පැමිණෙමින් සිටියදී මෙම අතවරයට ගොදුරු වී තිබේ.
සිද්ධිය පිළිබදව එම කාන්තාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව තරුණයින් තුන් දෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව ඌර්කාවතුරේ මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට රැගෙන ගොස් ඔවුන්ව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට ඌර්කාවතුරේ පොලීසිය පියවර ගෙන තිබේ.









