ජුනි මස 02 වැනිදා ආරම්භ වූ 2024 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව විරාට් කෝලි ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවක් විස්සයි 20 ක්‍රිකට් මාදිලියෙන් සමු ගැනීමට නියමිතව ඇත.
විරාට් කෝලි විස්සයි 20 අන්තර්ජාතික තරගවලින් සිය සමුගැනීම ගැන අවසන් තරගයේ ත්‍යාග ප්රදානොත්ස්වයේ දී ප්‍රකාශ කළේය.
ඉන්දියානු නායක රෝහිත් ෂර්මා, ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්, බංගලාදේශයේ ෂකිබ් අල් හසන්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඇන්ඩ්‍රේ රසල් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය බව වාර්තා වේ.
එමෙන්ම මෙම තරගාවලියත් සමග ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදුන්නේය.
නවසීලන්ත වේග පන්දු ක්‍රීඩක ට්‍රෙන්ට් බොල්ට් තමන් සහභාගිවන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය බව නිල වශයෙන් නිවේදනය කළේය.
මීට අමතරව නැම්බියානු කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ඩේවිඩ් වීසා, නෙදර්ලන්ත නෙදර්ලන්ත් සීබ්‍රාන්ඩ් එන්ගල්බ්‍රෑක්ට් සහ උගන්ඩා කණ්ඩායමේ නායක බ්‍රයන් මසාබා මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.
තවද නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් තරගාවලියේදී සිය කණ්ඩායම ලද පරාජයත් සමග නායකත්වයට සමුදුන්නේය.