ශ්‍රියානි විජේසිංහ
ඉතිහාසයේ ප්‍රථම වතාවරට දිවයින පුරා සියලුම ග්‍රාම නිලධාරින් රාජකාරීවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දහවල් 12.00 සිට ආරම්භ කළ බව ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ග්‍රාම සේවා නිලධාරින්ගේ වැටුප් ගැටලුව සහ සේවා ව්‍යවස්ථාවට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් රාජය පාර්ශ්වයෙන් නොලැබීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්බ කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.
තම වෘත්තීය ඉල්ලීම් වලට සාධාරණ විසඳුමක් නොලැබෙන්නෙ නම් ලබන සඳුදා සිට වැඩ වර්ජනය අඛන්ඩව පවත්වාගෙන යාමට සන්ධානය ඒකමතික තීරණය කළ බව ජාතික සංවිධායකවරයා පවසා සිටියි.
ග්‍රාම නිලධාරින් අකුරුට වැඩ කරමින් පවත්වාගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුළ මරණ සහතික නිකුත් කිරිම, එක්දින හැඳුනුම්පත් ලබා ගැනිමේ අයදුම්පත් නිකුත් කිරීම නැවැත්වීමත්, උරුම වැනි වැඩසටහන් ක්‍රියාත්ම නොකිරීම සහ අස්වැසුම වැඩසටහනින් සම්පූර්ණයෙන් ඉවත් වීමත් ඇතුළු සියලුම රාජකාරිවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කිවේය.