වවුනියාව මැදවච්චිය ඇතුළු ප්‍රදේශ ගණනාවක ඊයේ (18) මධ්‍යම රාත්රියේදී ඇතිවූ භූ කම්පන තත්ත්වය වසර දහයකට පෙර එම ප්‍රදේශයේම සිදුව ඇති බවත් මෙය සාමාන්‍යයෙන් පොළොවෙහි භූගත මට්ටම්වලින් ශක්තිය මුදා හැරීමක් ලෙස නිරීක්ෂණය වන බවත් එලෙස එකතුවී තිබෙන ශක්තිය මුදා හැරීම සාමාන්‍ය තත්වයක් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා හා භූගර්භ දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න ලංකාසරට පැවසීය.
මහාචාර්යවරයා පවසන්නේ මෙය ඉතා සුළු කම්පන තත්වයක් බවය. එවැනි තත්ත්වයන් වසර දහයකට වරක් සිදුවීම සාමාන්‍ය බව හෙතෙම කියා සිටියේය.
මධ්‍යම කඳුකරයේ හෝ ජලාශ ආශ්රිත පරිසර පෙදෙස්වල ඇතිවන භූ කම්පන තත්ත්වයන්ට වඩා සාමාන්‍ය තත්ත්වයක් මෙම තැනිතලා බිමෙහි පවතින බවත් ඉදිරියේදී මෑත කාලීනව නැවත එවන් භූ කම්පනයක් ඇතිවේ යැයි සිතීම අපහසු බැවින් ඊට බිය වී සාමාන්‍ය කටයුතුවලින් බැහැරව කටයුතු කිරීම අවශ්‍ය නොවන බවත් මහාචාර්යවරයා කියා සිටියේය
පෘථිවියේ සාමාන්‍ය තත්ත්වයන් මත කිසියම් රටක පිහිටීම අනුව පොළවේ එසවීම් සෙලවීම් සමග ඇතිවන පැළුම් ස්ථානවල ආතතියක් ඇතිවීමත් එම ආතති තත්ත්වයන් ඉඳහිට කම්පන තත්වයක් දක්වා වර්ධනය වීමත් සාමාන්‍ය සිදුවීමක් යැයි මහාචාර්ය සේනාරත්න පවසයි.
ශ්‍රී ලංකාව වැනි රටවල් වලට එවැනි තත්ත්වයන් භූ කම්පන ලෙස වාර්තා නොවන්නේ යැයි කී මහාචාර්යවරයා ඊයේ ඇති වූ තත්ත්වය ඉතා සාමාන්‍ය එකක් බව ට පර්යේෂණ වලින් අනාවරණය වී ඇතැයි ද කියා සිටියේය
මෙම අත්දැකීමට මුහුණ දුන් මාධ්‍යවේදී දියසේන රතුගමගේ ලංකාසරට වාර්තා කළේ රාත්‍රී 11.05 ට පමණ එක්වරම විශාල ඝෝෂාවක් ඇති වී පොලොව සෙලවී ගිය බවය.
එක්වරම වන අලි රංචුවක් පාර දිගේ දුවනවා වැනි ශබ්දයක් ඇසී සියලු දෙනාම කලබලයට පත්ව එලියට පැමිණි බව මැදවච්චිය ප්‍රදේශයේ වැසියන් කියා සිටියේයැයි ඔහු සඳහන් කරයි.
වවුනියාවේ භූ චලනය පැවති ප්‍රදේශවලට එය ඇසී ඇත්තේ සුපර් සොනික් ගුවන් යානයක් ගමන් කරණවා වැනි ශබ්දයක් සමගය. නිවෙස් වල භාණ්ඩ පවා සෙලවී
නිවාසවල දොර වීදුරු හා ජනෙල් සෙල දෙදරූ ආකාරය.







