විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන වැරිද බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. එමෙන්ම ඔහු කීවේ බැංකුවලට පොලු තැබූ ව්‍යාපාරිකයන්ගේ නම් ගම් හෙළිදරව් කිරිම බැංකු පද්ධතියට කරන හානියක් බැවින් එසේ සිදු නොකරන බවය.
තවද අනුර දිසානායක මන්ත්‍රීවරයා ඉන්නේ එංගලන්තයේ නිසා අද විපක්ෂ නායකවරයාට වාසි දවසක් යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
“ මම හිතන්නෙ නැ එතුමා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන නිවැරදියි කියලා. කොහොමහරි මම කරුණු ටික එතුමට ලබලා දෙන්නම් කී දෙනෙකුගෙ ද බදු එකත් කරන්න තියෙන්නේ කියලා.
ඒ වගේම මම එකඟයි. අපට සාකච්ඡා කරන්න පුලුවන් අමතර බදු එකතු රකගන්නේ කොහොමද කියලා. අයි.එම්.එෆ් යෝජනාත් ඉදිරිපත් කරන්නම් සාකච්ඡා කරන්න. බැංකුව ගැන කියනවා නම් බැංකුවේ රහස්‍යගත භාවයක් තියනවා. අපට බෑ ඒ අයව ඉදිරිපත් කරන්න. ඒ අයට පුලුවන් උසාවියට හරි යන්න ඒ සම්බන්ධව. මොකද මේ ප්‍රධාන බැංකු දෙක ආණ්ඩුවෙ බැංකු දෙක. මේකෙන් මිනිස්සු සල්ලි ගත්තොත් මේ බැංකු දෙක කඩාගෙන වැටෙනවා.
අපි ආර්ථිකය පාලනය කරන්නේ රාජ්‍ය බැංකුවලින්. මූල්‍ය අංශයේ වැඩිම මුදල් තියෙන්නේ රාජ්‍ය බැංකුත් එක්ක.
කොහොමත් අද නම් අපේ විපක්ෂ නායක තුමාට වාසි දවසක්. මොකද අනුර දිසානායක මන්ත්‍රීතුමා එංගලන්තේ.