ලලිත් චාමින්ද –
ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දී 2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළ රුපියල් දාසය ලක්ෂ, පනස්දෙදහස් හයසිය පහක (1,652,605) මුල්‍ය වංචාවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි සිදුවි ඇති මුල්‍ය අක්‍රමිකතා පිළිබද 2023 මැයි මස 31 දින ඉදිරිපත්කොට ඇති මුලික විමර්ශන වාර්තාව අනුව මෙම තොරතුරු අනාවරණය වි ඇත.
ඒ අනුව කෞතුකාගාර දේපාර්තමේන්තුව වෙත අහිමිකර ඇති සමස්ථ ආදායම රුපියල් 1,652,605 ක මුදලක් බවද මෙකි වාර්තාවේ සඳහන් වේ.
අලෙවිකළ ප්‍රවේශ පත්‍ර ආදායම් පිළිබද දෛනික ලේඛන තුලනය කිරිමත්, මුදල් බැංකුගත කිරිමත්, අක්රමිකතාවයට වගකිවයුතු ස්ථානභාර නිලධාරියා විසින් සිදුකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මුදල් රෙගුලාසි 177 (1) ප්‍රකාරව මුදල් දෛනිකව බංකුගත කර නොතිබුණි. එසේ වුවද මේ සම්බන්දයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව පරික්ෂණයෙන් පසු අලාභය සිදුවු දිනයේ සිට තුන් මසක් ඇතුළතදි ඉදිරිපත් කළ යුතු පුර්ණ වාර්තාව ඉදිරිපත් කිරිමටත් අලාභය පිළිබද මුදල් රෙගුලාසි ප්‍රකාරව හානි පිළිබද ලේඛනයේ සටහන් යොදා යාවත්කාලින කිරිමටත් කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙම තොරතුරු සදහන්ව ඇත්තේ ජාතික කෞතුකාගාර දේපාර්තමේන්තුවේ 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේය.







