ශ්‍රියානි විජේසිංහ –
ලෝක සෞඛ්‍ය සභාවේ උප සභාපතිවරයෙකු ලෙස වත්මන් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා තේරී පත්ව ඇත.
77 වන ලෝක සෞඛ්‍ය සභාව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පසුගිය 27 වෙනිදා ආරම්භ වු අතර මෙය ජුනි 01 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇත.
සෞඛ්‍ය සභාවේ සභාපතිවරයා ලෙස බොට්ස්වානා රාජ්‍යයේ වෛද්‍ය එඩ්වින් ඩිකොලෝට් තේරී පත්ව සිටියි.
වෛද්‍ය පාලිත මහීපාලට අමතරව ගයනාවේ ආචාර්ය ෆ්රැන්ක් සී.එස්.ඇන්තනී, කොරියානු ජනරජයේ ආචාර්ය යංග්මී ජී, මෝල්ඩෝවා ජනරජයේ ආචාර්ය ඇලනෙමරෙන්කෝ සහ සෝමාලියාවේ ආචාර්ය අලිහාජි ඇඩම් අබුබකර් යන අයද සෙසු උප සභාපතිවරුන් ලෙස තේරී පත්ව ඇත.







