අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපව වැලැක්විය හැකි බලයක් පෘථිවියේ නෑ… ගාසා යුද්ධය වැළැක්වීමට ජාත්‍යාන්තර අධිකරණය දුන් තීන්දුව ගැන ඊශ්‍රයාලය ප්‍රතිචාර දක්වයි!

by editor
මැයි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඊශ්‍රායලය විසින්ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව විසින් ගොනු කළ නඩුවේ සුවිශේෂී හදිසි තීන්දුවක් දෙමින්, එක්සත් ජාතීන්ගේ ඉහළම උසාවියේ විනිසුරුවරු ගාසා තීරයේ රෆා වෙත හමුදා ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන ලෙස පසුගිය සිකුරාදා ඊශ්‍රායලයට නියෝග කළේය.

ජාත්‍යන්තර අධිකරණයට හෝ ලෝක අධිකරණයට එහි නියෝග ක්‍රියාත්මක කිරීමට ක්‍රමයක් නොමැති බව සැබෑය, එහෙත් විශේෂයෙන් ඊශ්‍රයාලයේ සමීපතම සගයාවන එක්සත් ජනපදයේ ආයාචනාවලට එරෙහිව ගාසා තීරයේ රෆා නගරය වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග ගාසා තීරය තුළ ඊශ්‍රයාලයේ ගෝලීය හුදකලාව කැපී පෙනෙන ලෙස ප්‍රකාශයට පත් වූයේ මෙම නඩු තීන්දුව හරහාය.

තීන්දුව කියවන ලෝක අධිකරණයේ සභාපති නවාෆ් සලාම් කියා සිටියේ, පලස්තීනය තුළ සිවිල් වැසියන්ට සිදුවන හානි වැලැක්වීමට පියවර ගන්නා ලෙස අධිකරණය අවසන් වරට ඊශ්‍රායලයට නියෝග කිරීමෙන් පසු පලස්තීන ප්‍රදේශයේ තත්වය තවත් නරක අතට හැරී ඇති බැවින් නව හදිසි නියෝගයක් සඳහා කොන්දේසි සපුරා ඇති බවය.

“ඊශ්‍රායල වහාම ක්‍රියාත්මකවන පරිදි එහි මිලිටරි ප්‍රහාරය සහ රෆා නගරය තුළ වෙනත් ඕනෑම ක්‍රියාවක් නැවැත්විය යුතුයි, ඊශ්‍රයාලයේ හැසිරීම ගාසා තීරයේ පලස්තීන කණ්ඩායමට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් භෞතික විනාශය ගෙන දිය හැකි ජීවන තත්වයන් ඇති කළ හැකිය. ” සභාපති විනිසුරුවරයා පැවසුවේය.

ආධාර සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා හරස් මාර්ගය විවෘත කරන ලෙස ලෝක අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. එම නියෝග ප්‍රකාරව ඊශ්‍රායලය, විමර්ශකයින්ට ප්‍රවේශය ලබා දිය යුතු අතර එහි ප්‍රගතිය මාසයක් ඇතුළත වාර්තා කළ යුතුය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Gaza

මෙම නියෝගය 15 දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල විසින් 13-2 ජන්දයකින් සම්මත කරන ලදී. තීන්දුවට විරුද්ධ වූයේ උගන්ඩාවේ සහ ඊශ්‍රායලයේ විනිසුරුවන් දෙදෙනා පමණි.

දකුණු අප්‍රිකාව මෙම තීන්දුව පෙරළිකාර ලෙස පිළිගත්තේය. ධවල මන්දිර ප්‍රකාශකයෙකු පැවසුවේ “අපි රෆා සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි සහ ස්ථාවර අදහසක සිටිමු.” ලෙසය.

ජාත්‍යන්තරව පිළිගත් පලස්තීන අධිකාරිය කියා සිටියේ එය යුද්ධය අවසන් කළ යුතු බවට ගෝලීය සම්මුතියක් නියෝජනය කරන බවයි, නමුත් ජනාධිපති ප්‍රකාශක නබිල් අබු රුඩයිනේ පැවසුවේ ඊශ්‍රයාලය ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශවල සටන් නතර නොකළ නිසා තීන්දුව ප්‍රමාණවත් තරම් ප්‍රතිඵළ අත් නොකළ බවය.

ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරි බේසම් නයිම් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ , “සියොන්වාදී සතුරාට තීන්දුව ක්‍රියාත්මක කිරීමට බලකිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග සඳහා ලෝක අධිකරණයේ මෙම ඉල්ලීම වහාම ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවය.

‘සදාචාරාත්මක ව්‍යසනය’

ඊශ්‍රායෙල්ය මෙම තීන්දුවට ප්‍රතිචාර දක්වන්නේ කෝපයෙනි.

අන්ත දක්ෂිණාංශික මුදල් ඇමති බෙසාලෙල් ස්මොට්‍රිච් පැවසුවේ ඊශ්‍රායලය යුද්ධය නවත්වන ලෙස ඉල්ලා සිටින අයම එය පවතින ලෙස ඉල්ලා සිටින බවත්, ඊශ්‍රායලය ඊට එකඟ නොවන බවත්ය.

ඊශ්‍රායල විපක්ෂ නායක යායර් ලපිඩ් ලෝක අධිකරණයේ නියෝගය හැඳින්වූයේ “සදාචාරාත්මක බිඳවැටීමක් සහ සදාචාරාත්මක ව්‍යසනයක්” ලෙස ය. ඒ හමාස් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ඉල්ලීම සමඟ සටන් නැවැත්වීමේ ඉල්ලීම සම්බන්ධ කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.

හේග් හි පිහිටි ජත්‍යාන්තර අධිකරණය යනු ප්‍රාන්ත අතර ආරවුල් ඇසීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඉහළම ආයතනය ය. එහි තීන්දු තීරණාත්මක ප්‍රකාශනයක් කරන නමුත් අධිකරණයට එම තීන්දු බලාත්මක කිරීමේ බලතල නොමැති බැවින් අතීතයේදී එම තීන්දු නොසලකා හැර ඇත.

ඊශ්‍රායලය විසින් වාර්ගික සංහාරය පිළිබඳ නඩුවේ චෝදනා පදනම් විරහිත යැයි නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ. ගාසා තීරයේ තම මෙහෙයුම් ආත්මාරක්ෂාව සඳහා වන අතර ඔක්තෝබර් 7 දා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ හමාස් සටන්කාමීන් ඉලක්ක කරගත් බව උසාවියේදී තර්ක කළේය.

ඊශ්‍රායල රජයේ ප්‍රකාශකයෙකු සිකුරාදා මෙම තීන්දුවට පෙර පැවසුවේ “ඊශ්‍රායලය සිය පුරවැසියන් ආරක්ෂා කිරීම සහ ගාසා තීරයේ හමාස් පසුපස යෑම පෘථිවියේ කිසිදු බලවේගයකට වැලැක්විය නොහැකි” බවය.
සිකුරාදා උසාවියෙන් පිටත, පලස්තීනයට හිතවත් පෙළපාළිකරුවන්ගේ කුඩා කණ්ඩායමක් කොඩි වනමින් නිදහස් පලස්තීනයක් ඉල්ලා සිටියහ.

ඊශ්‍රායලය මේ මස මුලදී රෆා වෙත සිය සන්නද්ධ ප්‍රහාරය ආරම්භ කළ අතර, මිලියන 2.3 ක ජනගහනයෙන් අඩකට පමණ රැකවරණයක් බවට පත්ව තිබූ නගරයකින් සිය දහස් ගණන් පලස්තීනුවන්ට පලා යාමට බල කෙරුනි.

ගාසා තීරයේ දකුණු මායිමේ පිහිටි රෆා ආධාර සඳහා ප්‍රධාන මාර්ගය වී ඇත්තේය. ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ ඊශ්‍රායල මෙහෙයුම නිසා එම ප්‍රදේශයේ ආධාර සැපයුම් මාර්ග කපා දමා තිබීම නිසා සාගත අවදානම ඉහළ ගොස් ඇති බවය.

හමාස් සටන්කාමීන් දහස් ගණනකගේ සහ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන්ගේ අවසාන ආරක්ෂිත මධ්‍යස්ථානය ලෙස රෆා පවතින බවත්, නගරයට කඩා වැදීමෙන් තොරව ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම අතුගා දැමීමේ සහ එහි ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ යුද ඉලක්කය සපුරා ගත නොහැකි බවත් ඊශ්‍රායලය පවසයි.

මේ වන විට, රෆාහි දකුණු මායිමේ සහ නැගෙනහිර දිස්ත්‍රික්කවල සටන් සිදු වී ඇති නමුත්, ඊශ්‍රායලය තවමත් නගරයේ ප්‍රධාන ජනාකීර්ණ ප්‍රදේශයට ප්‍රහාරයක් ආරම්භ කර නොමැත. එහි සමීපතම සගයා වන එක්සත් ජනපදය ද එම තීන්දුව නොගන්නා ලෙස යළි යළිත් ඊශ්‍රයාලයෙන් ඉල්ලා සිටියි. ඇමරිකා එක්සත් ජනපදය පෙන්වා දෙන්නේ රාෆා හි නවාතැන් ගෙන සිටින අවතැන් වූ ජනතාව අතර මහා විනාශයක් සිදු නොකොට මෙම ආක්‍රමණය සිදු කරන්නේ කෙසේදැයි විශ්වාස කළ හැකි සැලැස්මක් ඊශ්‍රායලය තවමත් පෙන්වා නොමැති බවය.

හදිසි පියවර

පලස්තීන ජනතාවගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා රෆාහි ඊශ්‍රයාල මෙහෙයුම වහාම නවතා දැමීමට නියෝග කරන ලෙස දකුණු අප්‍රිකාවේ නීතීඥයින් පසුගිය සතියේ ජාත්‍යාන්තර අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට ගාසා තීරයේ සිය සමස්ත පුලුල් යුද්ධය අවසන් කිරීමට නියෝගයක් ජාත්‍යාන්තර අධිකරණයෙන් ඉල්ලා ඇතත්, අධිකරණය එවැනි පියවරක් ගැනීමෙන් නැවත නැවතත් මගහැර තිබීම විශේෂය.

හේග් හි පිහිටි වෙනම අධිකරණයක් වන ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකයා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සහ ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ට මෙන්ම හමාස් නායකයන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සඳහා අයදුම්පතක් ගොනු කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව සිකුරාදා ඊශ්‍රයාලයට එරෙහිව මෙම තීන්දුව ලැබුණි. .

අභිචෝදක කරීම් ඛාන් නෙතන්යාහුට සහ ගැලන්ට්ට සමූලඝාතනය, කුසගින්න ආයුධයක් ලෙස භාවිතා කිරීම සහ හිතාමතා සිවිල් වැසියන්ට පහර දීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් චෝදනා කළේය. ඊශ්‍රායලය එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර අධිකරණය ප්‍රතික්ෂේප කරන ලෙස සහචරයන්ගෙන් ඉල්ලා සිටියේය.

ජාත්‍යාන්තර අධිකරණයෙ හි දකුණු අප්‍රිකාව ගොනු කළ පුළුල් නඩුවේ දී ඊශ්‍රායලය පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රයාල් රාජ්‍ය නායකත්වයේ විසින් ජන සංහාරයක් මෙහෙයවන බවට චෝදනා කරයි.

ජාත්‍යාන්තර අධිකරණය එම චෝදනාවේ හරය මත මෙම තීන්දුව ගොනු කර නැති නමුත් නඩුව ඉවත් කිරීමට ඊශ්‍රායලයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ඊශ්‍රායල ගණන්වලට අනුව හමාස් ප්‍රමුඛ සටන්කාමීන් දකුණු ඊශ්‍රායල ප්‍රජාවන්ට කඩා වැදී පුද්ගලයන් 1,200ක් පමණ මරා දමා 250කට අධික ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගැනීමෙන් පසුව ඊශ්‍රායලය ගාසා තීරයට සිය ගුවන් හා ගොඩබිම් යුද්ධය දියත් කළේය.

ප්‍රහාරයෙන් පලස්තීනුවන් 35,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ( රොයිටර් ඇසුරිනි)

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ආයතන අති බහුතරයක් දූෂණය වැලැක්වීමට විගණකාධිපති ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගහැරලා!

Next Post

අදත් තද සුළං සහ මහ වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දවස කරන පුරෝකථනය!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.