අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපොස සාමාන්‍ය පෙළ විභාගය නිමා වී නිවසට එමින් සිටි සිසුවියක් පැහැරගෙන යමින් සිටි තරුණයින් 4ක් අත් අඩංගුවට…

by editor
මැයි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව නිවස බලා ගමන් කරමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක බලහත්කාරයෙන් පැහැරගෙන පලා යෑමට උත්සාහ කළ 24 හැවිරිදි විවාහක හමුදා සෙබලෙක් ඇතුළු සිව් දෙනෙක් පැහැර ගැනීම සිදුවී පැයක් තුළ අත් අඩංගුවට ගැනීමට අලදෙණිය පොලිසිය සමත් වී තිබේ.

දැරිය පැහැරගෙන ගිය වාහනය…

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කුළුගම්මන ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබ නුගවෙල මධ්‍යමහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයෙහි අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අද (15)  විභාගය නිමා වී  නිවසට පැමිණෙමින් සිටි සිසුවියන් තිදෙනෙකුගෙන් එක් සිසුවියක් වෑන් රථයකින් පැමිණි සිවු දෙනෙක් පැහැරගෙන පලා ගොස් ඇත.

ඇය සමග සිටි ඇයගේ යෙහෙළියන් දෙදෙනා වෑන් රථයේ අංකය සටහන් කරගෙන ඒ සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ අලදෙණිය පොලිසියට දැනුම් දී තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පැහැර ගැනීම සිදුවී පැයක් තුළ පැහැර ගැනීමට සිදුකළ පුද්ගලයින් සිව් දෙනා වෑන් රථය ද සමග කුළුගම්මන යටිහලගල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත්තේය.

අනතුරුව සිදුවුන විමර්ශනවලින් හෙළි වන්නේ ඛේදවාචකයක් බඳු කතාවකි.  මෙම 16 හැවිරිදි සිසුවියගේ සොයුරා යුද හමුදා සෙබලෙකි. ඔවුන් පදිංචිව සිටින්නේ පොලොන්නරුවේය.  අයියා සමග විටින් විට නිවසට එන අයියාගේ මිතුරා මෙම සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.  අවිස්සාවේල්ල කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම හමුදා සෙබලා පසුව යුද හමුදාව අත්හැර ගොස් තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනතුරුව මෙම බාල වයස්කාර දැරියව මෙම  පුද්ගලයා  විසින් මව්පියන් භාරයෙන් අපහරණය කර    වෙනත් නිවසක නවත්වා තබාගෙන ඇත.  මෙසේ සිටින අතර හෙළිදරව් වන්නේ මෙම  පුද්ගලයා විවාහයෙක් බවය. මේ බව දැනගත් සිසුවිය නැවත පොලොන්නරුවේ නිවසට පැමිණ තිබේ.

මෙම විවාහක හිටපු හමුදා සෙබලාගෙන් යළි යළිත් සිදුවන බලපෑම් නිසා දැරියගේ දෙමව්පියන් ඇයව මහනුවර කුළුගම්මන ප්‍රදේශයේ ඥාති නිවසක නතර කර ඇත. ප්‍රධාන සැකකරු එම නිවසට ද පැමිණ සිසුවිය රැගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

මෙසේ සිටිද්දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය බව කියා දැරිය යළිත් කුළුගම්මන නිවසට පැමිණ ඇත. සිය මිතුරන් සමග කුලියට ගත් වෑන් රථයකින් මහනුවරට  පැමිණ දැරිය පැහැර ගැනීමට මෙම විවාහක හිටපු හමුදා සෙබලා  අද (15) කටයුතු  කරන්නේ මේ පසුබිමේ දී ය.

විභාගය නිමා වීමෙන් පසු ඇය තමන් සමඟ  යළි නොපැමිණේ යැයි සිතා මෙම පැහැර ගැනීම සිදුකළ බව සැකකරු පොලීසියට පවසා තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත අලදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනධ්‍යයන සේවක වර්ජනයෙන් පේරාදෙණිය පශු වෛද්‍ය අංශය පතුවුන අසීරුතාවය මහාචාර්යයවරු කියති!

Next Post

ඡන්ද කටේ කල්මුණේට අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්… ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.