මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම අධිකරණය මගින් අත්හිටවූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් නව ගමනක් යන්නට එක්වන ලෙස ජනතාවට ආරාධනා කළේය.
ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි. අද උදෑසන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනට සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ වහාම ඔවුහු පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණහ.
එහිදී මාධ්‍ය ඇමතු මහින්ද අමරවීර පැවසුවේ තමන්ව ව්‍යවස්ථාවට විරුද්ධව ඉවත් කිරිම අත්හිටුවා අධිකරණ නියෝගයක් ගත් බවත් දැන් තමන් එම තනතුරුවල වැඩ කරන බවත්ය.
අද දිනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජිවිතය පූජා කරමින් එම පක්ෂය ගොඩනැගු එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගෙ දියණිය, ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බන්ඩාරනායක මැතිණියගේ දියණිය අවුරුදු 17ක් විපක්ෂයේ ඉද්දි අපට ආණඩු බලය ලබා දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මේ පක්ෂයට ඇති වූ විනාශය දිහා බලාගෙන ඉන්න බැරිව…. එතුමිය ඉතා කම්පාවෙන් පසුගිය කාලය පුරා ගත කළ බව අප දැනගත්තා…, එතුමිය අධිකරණ ක්‍රියාවලියකට යොමු වුනා. ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ට ඒ වාරණය අධිකරණයෙන් ලැබුනා. අධිකරණයෙන් නොලැබුණත් එතුමාට ඒ වාරණය ජනතාවගෙන් ලැබුණෙ මීට බොහෝ කාලයකට පෙරයි. “ ඔහු කීවේය. මෛත්‍රිපාල සිරිසේන විසින් සංවිධාකයින් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කළ බවත් රස්තියාදුකාරයින් ගෙනත් තනතුරුවල තැබූ බවත් අධිකරණයට ගොස් තිබුණේ බලාගෙන ඉන්නට බැරිම තැනදී බවත් අමරවීර කීවේය.
මහින්ද අමරවීර කළ කතාව පහත දැක්වේ.
සිද්ධියේ පසුබිම
පක්ෂයේ ප්‍රතිපත්තියට එරෙහිව ආණ්ඩුව සමග එක් වී අමාතය ධූර දරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වල සිටි මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක එම තනතුරුවරලින් පසුගිය 30 දා ඉවත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබිණි.
එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ධුරයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර ඉවත් කිරීමට තීරණය කළ බව පක්ෂ සභාපතිවරයා දන්වා සිටියේය.
ඉන් පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප-සභාපති ලෙස මධ්‍යම පළාත් හිටපු මහ ඇමති සරත් ඒකනායක, භාණ්ඩාගාරික ලෙස හිටපු පළාත් අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ හා ජාතික සංවිධායක ලෙස කේ.පී. ගුණවර්ධන පත් කිරීමට පක්ෂ සභාපතිවරයා කටයුතු කළේය.
මේ අවස්ථාවට විධායක සභා සාමාජිකයන්, පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයන්, ආසන සංවිධායකවරු, දිස්ත්‍රික්කවලට අනුබද්ධ සංවිධානවල නිලධාරීන්ද ඇතුළුව 250කට වැඩි පිරිසක් එක්ව සිටියහ.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීන්දුවට එරෙහිව දුමින්ද දිසානායක ඇතුළු පිරිස කොළඹ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේදී ම ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විරෝධය පළ කළ අතර එහිදී ඇමති මහින්ද අමරවීර මෙසේ කීය.
“විශේෂ සාකච්ඡාවකට එන්න කියලා එතුමා විතරක් කතා කරලා මේ තීන්දු ප්‍රකාශ කළේ. චෝදනාවක්වත් හරියට නෑ. මට චෝදනා කළේ සන්ධානයට නඩුවක් තියෙනවා කියල. නඩුව ගැන කවුරුත් දන්නවා. එතුමාගේ කතා ගැන මේ දවස්වල ප්‍රශ්නයක් තියෙනවා. මානසික වශයෙන් ගැටලුකාරී තත්ත්වය නිසා මෙවැනි ප්‍රකාශයක් කළාද දන්නේ නෑ. අපි අනිවාර්යෙන් ම මේ අනීතික පියවරට එරෙහිව අධිකරණයට යනවා.”
“කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. සාමාජිකත්වය අත්හිටුවා නෑ. එහෙම දෙයක් න්‍යාය පත්‍රයේ තිබුණෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාධිපති ස්වරූපයකට යෑමක්. අපිව යවන්නෙ කොහොමද? අපි ශ්‍රී ලංකාකාරයෝ. අපිට වඩා ශ්‍රී ලංකාකාරයෝ කොහේද ඉන්නේ. අපි සිරිකොතට ගිහිල්ලා නෑ. වැරදිලාවත් වෙන පක්ෂ මූලස්ථානයකට ගිහින් නෑ”
මහින්ද අමරවීරම ප්‍රකාශ කලේය.
.”







