දිනසේන රතුගමගේ –
යාපනයේ පාසල් හැරගිය සිසුන් හය දෙනෙකු විසින් තමන් ඉගෙන ගත් පාසල්වල සිසුන්ට මත්පෙති අලෙවි කරමින් සිටියදී එම කණ්ඩායම යාපනය පොලීසිය විසින් ඊයේ ( 3 ) ගුරුනගර් ප්රදේශයේදී අත් අඩංගුවට ගෙනතිබේ.
මෙම කණ්ඩායමේ තරුණයින් වයස අවුරුදු 19 හා 21 අතර වයස් කාණ්ඩ වලට අයත් වන අතර ඔවුන් විභාග වලට පෙනී සිට ප්රතිපල අසාර්ථක වීමෙන් පසුව මේ ජාවාරම සිදු කරගෙන ගොස් තිබේ.
ඔවුන් ඉගෙන ගත් පාසවල සිසුන් හා පුද්ගලික පන්තිවලට යන සිසුන් සොයා ගොස් මත්පෙති අලෙවි කොට තිබේ.
සැකකරුවන් හය දෙනා අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් සතුව තිබී පැකැට් කරන ලද මත්පෙති 300 ක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරුවන් හය දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන ඇත.







