දිනසේන රතුගමගේ –
මන්නාරම සතොස වෙළඳසැල අසලින් හමු වූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම පිණිස ඔවුන්ට මැයි මස 13 වෙනිදා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මන්නාරම මහේස්ත්‍රාත් කේ.එල්.එම් සජීත් ඊයේ (12) නයෝග කළේය.
එම නියෝගයට අනුව මහාචාර්ය රාජ් සෝමදේව, මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, පළාතේ පුරා විද්‍යා නිලධාරිවරයා, ග්‍රාම නිලධාරීවරයා හා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බැලිමේ සංගමයේ සභාපතිවරයා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.
මන්නාරම සතොස වෙළඳ සැල අසලින් හමු වූ සමූහ මිනී වලෙන් මිනිස් ඇට සැකිලි හා කොටස් 113 ක් හමු වූ අතර ඒවා මන්නාරම රජයේ රෝහලේ ගබඩා කොට තිබේ.
අධිකරණ නියෝග මත මන්නාරම සතොස සමූහ මිනි වලේ කැණීම් කටයුතු අවසන් වූ අතර එම වළද පස් යොදා වසා දමා ඇත.
තත්ත්වය මෙසේ තිබියදී යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ තොරතුරු සොයා බලන සංගමයේ නිලධාරීන් විසින් ගොණු කරණ ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා යළි එම නඩුවට අදාල ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊට අදාල පාර්ශ්ව කරුවන් අධිකරණය හමුවට කැදවීමට නියෝග කළේය.







