බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

නීච කුල බන්ධන හුලවාලි ගුරුකම් කරන බව කියන රොඩී රැහේ ජීවිත ඇත්ත..

by editor
නොවැම්බර් 8, 2020 - Updated on සැප්තැම්බර් 13, 2025
in ජීවිතය
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

ශ්‍රී ලාංකිකයන් ලෙස විවිධ ආගමික හා සංස්කෘතික හර පද්ධතීන්වලින් යුක්ත අප රට තුළ විවිධ ජාතීන් ,විවිධ ආගමිකයන් ජීවත් වන බව නොරහසකි .ඒ අතර ඉතා සීමිත ජනගහනයක් සහිත තෙළිඟු ජාතීහු හෙවත් අහිකුණ්ඨික ජාතීහු වර්තමාන සමාජ ක්‍රමය තුළ තම සංස්කෘතික උරුමයන් රැක ගැනීම සඳහා යත්න වරමින් සිටිති. මඩකලපුව ,තඹුත්තේගම ,කුඩාගම,කලාවැව ,සහ ගල්ගමුව අන්දරබැද්ද යන ප්‍රදේශවල ජීවත්වන මෙම තෙළිඟු ජාතීන් හමුවීමට Lankasara අපි තීරණය කලේ , ගිලිහී යන සමාජ උරුමයන් ,සංස්කෘතික දායාදයන් වර්තමාන සමාජය වෙන මතක් කර දීම උදෙසා ය.

ගල්ගමුව -ඇහැටුවැව මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරක් ගිය තැන මැදවච්චිය ගම දෙසට හැරී  බොරලු පාරේ කිලෝමීටර හතරකට එහායින් අන්දරබැද්ද නම් සොඳුරු ගම්මානය හමුවෙයි. පාඩිපංචාව , පොරසන්කුලම, මදවච්චිය, සියඹලෑව යන ගම්මානවලින් වටවී ඇති අන්දරබැද්දේ ජීවත් වන්නේ  අහිකුණ්ඨික ජනතාවයි…

ගමට ඇතුළු වන ස්ථානයේ තිබූ නළ ළිඳ අසල ගමේ බොහෝ දෙනා රැස්ව සිටියහ. ඔවුන්ගෙන් දැනගත් තොරතුරුවලට අනුව ගමේ ප්‍රධානියා වූ ආරච්චිල සොයා යෑමට අපි තීරණය කළෙමු.

උස , කෘශ ශරීරයකින් යුක්ත ආරච්චිල ගේ උඩු රැවුල ඔහුගේ තනතුරට ගැලපෙන සේ සකස් වී තිබුනි. ඉතාමත් සුහදව අප පිළිගත් ඔහු සතුටින් අප සමග කතා කිරීමට එක් වූයේය.

මසන්නා කියන ඉතිහාසය

මසන්නා..

“මම නමින් රෙන්ගසාමිගේ මසන්නා ..මම තමයි මේ ගමේ ආරච්චිල …අපි 1985-86 කාලවකවානුවෙදි වව්නියාවේ ඉඳල තමයි මෙහෙට ආවෙ …අපේ සංස්කෘතියේ විදිහට අපිට ස්ථිර නිවාස නෑ .තැන තැන කූඩාරම් අටවා ගනිමින්, දවස් හතෙන් හතට වාසස්ථාන මාරු කළා. අපි වේල පිරිමහ ගත්තෙ කෙනෙක් ගෙන් ඉල්ල ගත්ත දෙයකින්.. ලොකූ.. බරවල්.. බලාපොරොත්තු අපේ රැහේ ඇත්තන්ට නෑ .. අපේ අහිකුණ්ඨික ජාතිය ඇතිවුන හැටි ගැන ජාතක පොතේ භූරිදත්ත ජාතකයේ  සඳහන් වෙනවා… එක ආත්මෙක නාග ලෝකේ ඉපදුණු බෝධිසත්වයෝ නාග වේසයෙන් මනුස්ස ලෝකෙට ඇවිත් දවස් හතක් සිල් ගත්ත. ඒ නයා දැක්ක එක මනුස්සයෙක් නයා අල්ලගෙන එක එක  රජමාළිගාවල නයි නටවලා මසුරන් හොයන්න පටන් ගත්ත . ඒ අතරෙ දවසක් මහා සම්මත රජතුමාගේ මාළිගාවට ගියාම ඒ රජතුමා අහිංසක සතුන්ට හිංසාකරන එකට විරුද්ධ වුනා. බඩගාන සතෙකුට හිංසා කරපු නිසා දඬුවම ක් විදිහට අපි “අහිකුණ්ඨික”ජාතිය ලෙස නම් කළා. ගෙරි මස් කාපු නිසා “රොඩියා” ලෙස හැඳින්වූවා. රෙදි අපුල්ලන අයට,බෙර ගහපු අයට, පැදුරු මලු වියාපු අයට, ගොවිතැන් කරපු අයට කුල මල හැදුනා වගේ  අපේ කුලය “රොඩී කුලය” වුනා.  විජය රජතුමා ලංකාවට එද්දි අපෙ කුලයෙ අයත් ඒ පිටිපස්සෙන් ආවා.

RelatedPosts

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජීවන පුරුද්ද

අපි මේ ප්‍රදේශයට ඇවිත් වැව් පිටිවල කූඩාරම් ගහගෙන ඉන්නවා දැකල තමයි බන්දුල බස්නායක මහත්තයා 89-90 කාලෙ අපිට මේ ගම්මානෙ වෙන් කරල දුන්නෙ . මුලින්ම අපි පවුල් 13ක් මෙහෙ පදිංචි වුනා. ඒ පවුල් 13ට එක් පවුලකට අක්කරය බැගින් ලැබුනා. අපි මුල් කාලෙ ඒ වෙන් කරල දුන්න ඉඩම්වල  තලවාඩි ( තලවාඩි යනු ඔවුන් ගේ තාවකාලික නිවාසයි. තල කොළ වට කරන නිසා තලවාඩි ලෙස හඳුන්වයි.) ගහගෙන ජීවත් වුනා. ඒත් අපි අපේ සංස්කෘතික ලක්ෂණ ඒ විදිහටම රැකගත්තා.. වටේට තියෙන සිංහල ගම්මානවලින් අපිට විවිධ තර්ජන ආවා.. ඒ අපි අඩු කුලේ නිසා. එහෙත් ඒ කිසි දෙයක් නොතකා උදව්කළ උත්තම ඇත්තොත් ඕන තරම් හිටියා.

දැන් නම් තත්වෙ ටිකක් වෙනස් “යැයි පවසමින් ආරච්චිල අවට නෙත් යොමු කළේ අපට යමක් පෙන්වන අදහසින් මෙන්‍ ය. ගඩොලින් බැඳ කපරාරු කළ කුඩා නිවාස අසලම ඉදිකළ තලවාඩි කීපයක් දක්නට ලැබුන නිසා “..ඒ ඇයි “? දැයි අපි ඔහුගෙන් විමසුවෙමු.

“පුරුද්ද අතහරින්න බැරිකම. රජ මාළිගා ලැබුනත් අපිට නිදහසේ හුස්ම වැටෙන්නෙ තලවාඩිය ඇතුලෙ තමයි ..”යනුවෙන් අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන ඔහු පැවසුවේ ය.

නයි පොළොන්ගු, රිලව්, නටවන එක අපෙ සිරිත.. අපි ඒව පෙන්නල මිනිස්සු සතුටු කරනවා . සර්පයො අල්ල ගත්ත ගමන් විෂ දත් ගලවනවා. ආයෙ මාස එක හමාරකින් නැවත දත් එනවා. අපි ඒවත් ගලවනවා. ඊට පස්සෙ අනතුරක් නෑ ..”

ආරච්චිල ගේ තුළ ට ගොස් ගෙනා පොළගෙක් අප ඉදිරියේ නිදහස් කර පෙන්නුවේය.

“මේ නයි නටවන නලාව මං හැදුවෙ ලබු ගෙඩියකින්. නයි පෙට්ටිය වියා ගත්තෙ කිරිවැල්වලින්. මෙහෙම හිටියට මට දැන් අවුරුදු අසූවක් (80)ක් විතර වෙනවා. යැයි ඔහු පැවසුවෙ වචන තුළ සඟවාගත් නිහතමානී ආඩම්බරයකිනි.

මසන්නා ආරච්චිල ගේ බිරිඳ ටිම්මන්නාගේ එංගටක්කාය. කාල වර්ණ මුහුණ ට විරුද්ධ සුදු පැහැති කොණ්ඩය ඇයට ගාම්භීර ස්වරූපයක් එක්කර තිබුනි. ඇය අප සමඟ කතා කරන්නට නොඉවසිල්ලෙන් පසුවුනාය.

“අපි ඉස්සර මුදල් භාවිතය ක් තිබුනේ නෑ . දඩමස් , ඉඳිකොල, මාගල්, කුළු, වට්ටි,පෙට්ටි විකුණලා වී, හාල්, කුරක්කන් වලට හුවමාරු කර ගත්තා. ගම්වලට ගිහින් ගම්වල ඇත්තන්ට හවරි වියල දීල පොල්, මිරිස්, තුනපහේ ඉල්ල ගත්ත ..

මල්වර සිරිත

“අපේ රැහේ විදිහට ගෑනු ළමයි වැඩිවිය පැමිනුන ගමන් කසාඳ බන්දල දෙනවා. ගැටිස්සියක් ගෙට වුනාම කොල අතු එල්ලලා හදන පොඩි ගෙයක් ඇතුලෙ දවස් හත ක් පිරිමින් ගෙන් ඈත් කරල තියෙනවා . හත් වෙනි දවසෙ ගෙයින් එළියට අරන් දෙහි, පාවට්ටා කොල , නිදිකුම්බා තම්බපු වතුරෙන් නාවනවා. බත් අබරලා පාට හතකින් ගුලි හතක් හදල කන්න දෙනවා කෙල්ල ට. ඊට පස්සෙත් ගිරයක් ළඟට දීල දවස් තුනක් ගියාට පස්සෙ වැවෙන් හොඳට නාවලා ගෙට ගන්නවා. දැන් නම් පොඩි උත්සවයකුත් ගන්නවා. පොඩි පොඩි තෑගි ත් දෙනවා. ලේන්සුවක් සබන් කැටයක් වගේ දෙයක්..

මංගල විධිය

“කසාදෙදි අපි දවස් හතක් මඟුල් කනවා. ඉරිදා දවසෙ මනමාලයයි මනමාලියි නාවනවා. පිටි කොටන මෝල් ගස් හරහට දාල දෙන්නම ඒක උඩ ඉන්දවල කැකුළු හාල් පිටි දියකරල හදාගත්ත වතුරෙන් තමයි නාවන්නෙ..දවස් හතම ජෝඩුව ට පිලිහුඩු ජාති කන්න දෙන්නෙ නෑ. කළු පබලු වලින් හැදුව තැල්ල බඳින්නෙ දවස් හතකට පස්සෙ එන සඳුදා ට. ඊට පස්සෙ දෙන්නට දෙන්න අයිති වෙනවා. තැල්ල කරේ තියෙනතුරු ගෑනියෙකුට වෙන මිනිස්සු එක්ක දීග යන්න බෑ. හදිසියේ ස්වාමියා මළොත්, මාලෙ ගලවල මිනීවලට දැම්මොත් විතරයි වෙන දීගයක් යන්න පුලුවන් …. “යනුවෙන් ඇය තම වරිගයාගේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව දීර්ඝ විස්තරයක් කළාය.

එදිනෙදා ජීවිතය…

තම පවුලේ සාමාජිකයන් නව දෙනෙකු සමග නාන්නට යන “සුන්දරා”අතර මඟදී අපට හමුවිය. ඔහු අප සමඟ පැවසුවේ මෙවැන්නකි.

“මගෙ පවුලේ ළමයි හය හතක් ඉන්නවා . මේ දවස්වල මං වැව් මාළු අල්ලලා විකුණනවා. අපේ ගමේ දැන් ස්ථිර ගෙවල් තිස් නවයක් තියෙනවා. එක ඉඩමෙ ගෙවල් හය හත තියෙනවා. දැන් පිරිස වැඩියි. දැන් ගන දියුණු යි. ටීවී ගෙනත්, බයික් ගෙනත්, අපිත් ඉතිං ලෝකෙ යන විදිහට යන්න එපැයි……”

ඒ අතරෙ සිටි “ලලිතා” අප සමඟ මෙසේ පැවසුවාය. “අපෙ වරිගෙ අය අවුරුදු 13,-14 වෙද්දි කසාඳ බඳිනවා. පවුල් පවුල්වලම අය බැඳගන්නවා. එදාට හම්බකරගෙන ජීවත් වෙනවා. අපේ ජීවිත හරිම සැහැල්ලු යි නෝනේ. අපිට ලොකු බරක් නෑ …..”

ඉටිරෙදි වටකර පොල් අතු වැසූ තාවකාලික නිවසක පසෙකින් ගසක  රෙදිවලින් බැඳ තිබූ තොටිල්ලක් විය.  පොහොර උර කීපයක් එක් කොට මෙට්ට කවරයක් මසමින් සිටි “නඩරාජාගේ බේබි නෝනා” අප සමඟ කතා කළාය.

“මේ වත්ත මගේ. දෙපැත්තෙ ගෙවල් දෙක දරුවන්ගෙ. මං ඉන්නේ මේ ගෙදර. මේ සාරි තොටිල්ලෙ ගමේ ගොඩක් ළමයි නැලවෙනවා. චූටි එකාලට මේකේ හොඳ සැප.

ඇගේ අවසරයෙන් කූඩාරමට ඇතුළු වූ අප දුටුවේ  සෙල්ලම් ගෙදරක අසිරිය කි..

සෙල්ලම් ගෙවල් වැනි කුඩා නිවාස

කූඩාරම තල අතුවලින් දෙකට බෙදා එක කොටසක උයා පිහා ගන්නා උපකරණ කීපයකුත්, අනෙක් කොටසේ ලී දඬුවලින් සාදා පිදුරු ඇතිරූ තාවකාලික ඇඳකුත් දක්නට ලැබිණි. තව දුරටත් අදහස් දැක්වූ බේබිනෝනා මෙසේ කීවාය.

රොඩී රැහේ අලුත්වන අනාගතය

“දැන් ඉන්න අපෙ  පොඩි එවුන්ට අපේ තෙළිඟු භාෂාව කතා කරන්න බෑ.  .උන් කත කරන්නෙ සිංහල. අපේ ගම අයිනෙන් අලි වැට යනවා. අර පේන මානෙ තියෙන්නෙ රක්ෂිතය. අපිට ගොවිතැන් වැඩ පුරුදුත් නෑ. ඒත් දැන් පරම්පරාව අපිට වඩා වෙනස්. ඒ අය ලෝකෙ යන රැල්ලට යන්න හදනවා.” යනුවෙන් පවසමින් සුසුම් හෙලුවාය.

අලුත් පරම්පරාව…

නවීන පන්නයේ නිවසක් සැදීමට අඩිතාලම දමා සිටි “එරන්නා” අප සමග කතාබහට එක් වුවේය.

“බොහොම දුෂ්කර ගමනක් තමයි අපි මේ දක්වා ආවෙෙ. අපි දැන් පොඩි කඩයක් දාගෙන ඉන්නවා. ගමේ අය බඩු ගන්නෙ මගෙ කඩෙන්. මං ටවුමට ගිහින් කුඩ සෙරෙප්පු මහනවා. මාලු අල්ලන්නත් යනවා. පරණ පොත් පත්තර එකතු කරල විකුණනවා. කුලී වැඩත් කරනවා. ගොවිතැන් වැඩ ත් ටික ටික පුලුවන්.  ඒ දස්සකම හින්ද තමයි මට මේ වගේ ගෙයක් හදාගන්න හිතන්න පුලුවන් වුනේ.“

“මේකෙ වැඩ ඉවර වෙන්න අවුරුදු ගානක් යයි. ඒත් හිතට සතුටු යි. රොඩියා කියල හැමදාම තලවාඩි වල ඉන්න බෑ. මගෙ කොල්ල මේ ළඟදි හිරයක් ගත්තා. මං වරිගෙ ඈයො හෝටලේකට එක්ක ගිහින් මඟුල ගත්තෙ. මට ඒක කරන්න හයිය තිබුණා. වරිගෙ ඈයන්ට ඒක අලුත්ම අත්දැකීමක්.” යනුවෙන් ඔහු පැවසුවේ තවත් දාහක් බලාපොරොත්තු පිරි දෑසිනි. තව ටික දිනකින් අන්දරබැද්ද නවීන ලෝකයට නතුවන වගට සංකේතයක් ලෙස අපි “එරන්නා” දුටුවෙමු …

සුන්දරා

අන්දරබැද්දට එහායින්   හිරු ගිලෙන්නට පෙර lankasara අපි ආපහු ඒමට පිටත් වුනෙමු. ලොවට පෙනෙන ඔවුන්ගේ ජීවිතවල ඇතුලාන්තයේ බරසාර කතන්දරයක් සැඟව තිබෙනවා නොවේදැයි අපි කල්පනා කළෙමු…

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

පවුල පිටින් රටින් පනින්න ගිය මූල්‍ය සමාගම හිමිකරු තමිල්නාඩුවේදී අත්අඩංගුවට

Next Post

යාපනයට කොරෝනා ගෙනාවා යැයි කියා නිරෝධායනය වූ පවුලකට ගහලා…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.