ලලිත් චාමින්ද –
-
සමාගම් රැකගන්න ගොස් රජය අපහසුවට පත් නොකර පනත් කෙටුම්පත යලි සංශෝධනය කරන්නැයි මහ බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශව පිළිබද ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නියෝගයක්!
ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් ග්‍රාමිය ජනතාව ලක්ෂ 28 ක් පමණ අගතියට පත්වී ඇති බවත් ඉන් ලක්ෂ 24 කාන්තාවන් බවත් හදුනාගෙන ඇති බව ශ්‍රි ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශව පිළිබද ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.
මෙම ණය ලබා දී ඇත්තේ කුඩා මුදලක් වුවද ග්‍රාමීය ජනතාවට ඒවා ගෙවාගැනීමට අපහසු ආකාරයෙන් 38% ක 48% ක පමණ පොලියක් අයකරගැනීමට කටයුතු කොට ඇති බවත් මේ නිසා ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්ව ඇති බවත් මෙහිදි අනාවරණය විය.
ග්‍රාමිය කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවක් වී ඇති බව ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන මෙහිදි පෙන්වා දුන්හ.
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රෙයේ මේ අර්බුදය නිර්මාණය වී ඇත්තේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තිබෙන බැංකු නොවන ප්‍රධාන මූල්‍ය සමාගම් හයක් වෙතින් ණය ලබාගත් විශාලතම කණ්ඩායම තුළ බව මෙහිදී අනාවරණය විය.
මුලු ක්ෂුද්‍ර මූල්‍ය ණය වන මිලියන 84,000 කින් සියයට 80% ක් එනම් රුපියල් මිලියන 67,000ක් මෙම ආයතන වෙත ලබා දී ඇති බවත් මේ වනවිට එම ණය ගත් අයගේ දේපළ අත්පත් කරගැනීම ආරම්භ කර ඇති බවත් මෙකි අධික්ෂණ කාරක සභාවේ දි අනාවරණය විය.
එසේම යෝජිත පනන් කෙටුම්පතෙන් අගතියට පත් පාර්ශ්වවල ප්‍රශ්න ආමන්ත්‍රණය කර නොමැති බවත් එමගින් ඔවුන්ට තවත් ගැටලුවලට මුහුණ දීමට සිදු වන බවත් මෙහිදී අගතියට පත් පාර්ශ්ව වල නියෝජිතයින් පෙන්වා දුන්හ.
මෙහිදී ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත නැවත සම්පූර්ණ සමාලෝචනයකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ අනුව රජය අපහසුතාවයට පත් නොකර, මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය එක්ව පනත මුළුමනින්ම සමාලෝචනය කරන ලෙසත් ප්‍රධාන මූල්‍ය සමාගම් හය ආරක්ෂා කිරීමට නොව වින්දිතයන්ගේ සැබෑ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් වන ලෙස පනත සංශෝධනය කරන ලෙස නියෝග කළ සභාපතිවරයා සතියක් තුළ එහි වාර්තාව පාර්ලිමේන්තු වෙත ලබා දෙන ලෙසද දන්වන ලදි.
එසේ නොමැති වුවහොත් මෙරට ලක්ෂ 30/40 පමණ වන ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගිකයින්ට ගැටලුවලට මුහුණදීමට සිදුවන බව පෙන්වා දුන් සභාපතිවරයා ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් මේ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දිමට කටයුතු කරන බවද පැවසිය.







