ටෲත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව මෙහෙවන ප්‍රකට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
බෞද්ධ ආගමික සංකල්ප විකෘති කළ විශ්ව බුද්ධ නමින් පෙනී සිටි තැනැත්තා සමග කළ සංවාදයක් පිළිබඳ විමර්ශන කටයුත්තක් සඳහා ලබන අඟහරුවාද උදෑසන 10ට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ආන්දෝලනාත්මක සංවාද මෙහෙයවීම හේතුවෙන් ඔහුට අවස්ථා ගණනාවක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට සිදුවිය.







