බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා විසින්  දුමින්දට දුන් ජනාධිපති සමාව අවලංගුයි… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

by editor
ජනවාරි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව නීති විරෝධී බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ඒකමතිකව තීන්දු කළේය..

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වී මරණීය දණ්ඩනයට ලක් වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනු කර තිබූ  මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සම්බන්ධයෙන්  සම්බන්ධයෙන්   ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන ගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරියවන පෙත්සම්කාර සුමනා ප්‍රේමචන්ද්‍ර, ඔහුගෙ දියණියවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙක් වන නීතිඥ ගසලි හුසේන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ දුමින්ද සිල්වා නම් කර තිබිණි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් මස 08 වැනි දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 05 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී,

මේ නඩු විභාගයට ගැනීමෙන් පසු විත්තිකරුවනක් පස් දෙනාම මිනී මැරීමේ චෝදනාවට වරදකරුවන්කොට මරණීය දණ්ඩනය නියම කෙරිණි.

තමන්ට පැනවූ මරණීය දණ්ඩනයට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු තවත් දෙදෙනෙක් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් 2018 ඔක්තොම්බර 11 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කළ අතර ඔවුන කොළඹ මහාධිකරණය විසින් පැනවූ මරණීය දණ්ඩනය ඒකමතිකව අනුමත කරනු ලැබුවේය.

එසේ මරණ දඬුවම තහවුර කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

මරණ දඬුවමට යටත්ව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලියේ දී නිසි ක්‍රියා මාර්ග අනුගමනය කර නොමැති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි බව ප්‍රකාශ කරන  ලෙසත්  මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සම මැයි 31 දා සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරනය මගින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඔහු නැවත සිර භාරයට පත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එදින නියම කිරීමට ද අධිකරණය කටයුතු කළේය. ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් අතුරු නියෝගයක් නිකුත් කළ අධිකරණය විදෙස් ගමන් බලපත්‍ර අත්හිටුවන නියෝගයක් ද නිකුත් කළේය.

අවසර පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලීම මත  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙක් ලෙස නම් කිරීමට අධිකරණය මීට පෙර අවසර ලබා දුන්නේය.

ජනාධිපති නීතිඥවරුන්වන එම්.ඒ සුමන්තිරන්. ජෙෆ් අලගරත්නම්, කේ. කනග්ඊශ්වරන් සහ නීතිඥ එරාජ් සිල්වා නීතිඥ සුරෙන් ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥවරුන්වන අනුජ ප්‍රේමරත්න, ගාමිණී මාරපන, නවීන් මාරපණ, මනෝහර ද සිල්වා දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවර කොල්ලකරුවන් 18ක් ට්‍රෝලර් දෙකක් සමග අත් අඩංගුවට…

Next Post

මානසික රෝගියා ගැන නොව ඔහුව නැටවූ ගුඩ්ඩන් ගැන හොයන්න…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.