බොරැල්ල කනත්තේ මිනී පිච්චීම සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් අද( 05)දින වනවිට ආදාහනාගාර ක්‍රියාත්මක නොකර භූමදාන කටයුතු පමණක් සිදුකිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
ආදාහනය කිරීම සඳහා මළ සිරුරු භාර ගැනීම නවත්වා ආදාහනය කරන සිරුරු ජාවත්ත කනත්ත වෙත යොමු කිරීමට අද උදෑසන වනවිට කටයුතු කර තිබිණි. ගෑස් මිල ගණන් වෙනස් වීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇත්තේ පරිපාලන ගැටලුවක් නිසා බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් හෙට හවස්වනවිට ගෑස් තොග ලැබීමට නියමිත බව ලංකාසර කළ විමසීමක දී අදාල බලධාරීන් පැවසීය.







