සුමිත් පොතුපිටිය –
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකුට පහර දී ඝාතනය කර තිබේ.
රැඳවියා අද (26) අළුයම කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෝල්කාව, කරවිට ප්රදේශයේ පදිංචිව සිටී පී.ජී. සුනිල් නමැති 46 හැව්රිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය.
පහරකෑමක් හේතුවෙන් අදාල මිය ගිය තැනැත්තා පසුගියදා (24) රාත්රි කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. පසුව බවත්, වාට්ටු අංක 5 හි නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී අද අළුයම ඔහු මියගොස් ඇති බව රෝහල් ප්රකාශකයෙක් කීය.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්දයෙන් කළුතර බන්ධනාගාර අධිකාරී වරයා විසින් කළුතර උතුර පොලිසිය දැනුවත් කර ඇති බවත් , මේ සම්බන්දයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් පොලිසිය කීය.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය..
කළුතර උතුර ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක ගේ ප්රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.







