මිතුරකුගේ විවාහය ලියාපදිංචිකිරිම සඳහා සාක්ෂියට අත්සන්කොට එම විවාහ ප්‍රාප්ත මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු සමග ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථය පුද්ගලික බස්රථයක ගැටීමෙන් වු අනතුරකින් සාක්ෂියට අත්සන්කළ මිතුරා මියගොස් අනික් තිදෙනා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් කරාපිටිය රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය විය.
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දී කොග්ගල සිංහධීවර ගම්මානය අසලදී ඊයේ (16) දහවල් වු මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අහංගම, මිදිගම, ජනාවාස පදිංචි ජයසේකර විතානගේ නිරෝෂ් අසේල රංගකුමාර (29) නැමති එක්දරුපියෙකි.
මොහු රැකියාව වශයෙන් කොණ්ඩාකැපිමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. ත්‍රි රෝදරථය පදවාගෙන පැමිණ ඇත්තේ විවාහ වු පුද්ගලයා වන අතර විවාහයේ සාක්ෂියට අත්සන් කළ මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු ත්‍රි රෝද රථයේ පිටුපස අසුනේසිට ඇත.
මොවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය ගාල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබි ඇති අතර පුද්ගලික බස්රථය මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබි ඇත.
පුද්ගලික බස්රථය හා ත්‍රි රෝද රථය එකිනෙක ගැටිමෙන් මෙම අනතුර වි ඇත. මියගිය එක්දරුපියාගේ හදිසිමරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකරණු ලැබිය.
මියගිය අයගේ සහෝදරයකු වන ජයසේකර විතානගේ නිලන්ත (42) නැමැත්තා හදිසි මරණ පරික්ෂයේ දි සාක්ෂිදෙමින් මෙසේ කිවේය.
“ඊයේ (15) මල්ලිගේ මිතුරකුගේ විවාහය ලියාපදිංචි කිරිමක් තිබුනා. විවාහවන මිතුරා සමග මල්ලි ත්‍රි රෝද රථයෙන් ගිහින් තිබුනා. මිතුරා ත්‍රි රෝද රථය පදවාගෙන ගිහින් තිබු අතර මල්ලි මිතුරන් දෙදෙනෙකු සමග ත්‍රි රෝද රථයේ පිටුපස වාඩිවෙලා ගිහින් තිබුනා. කොග්ගල ප්‍රදේශයේ දි ත්‍රි රෝද රථය බස්රථයක ගැටි ඇති බව ආරංචිවුනා. එම අනතුරෙන් මල්ලි තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව මස්සිනා මට කිවා. කරාපිටිය රෝහලට මම ආවා මල්ලි මියගොස් ඇති බව දැන ගත්තා.”
පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේසහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි අනුරුද්ධ වුහන්ඕවිට විසින් සිදුකළ අතර සාක්ෂි මෙහෙයවිම උ.පො.ප මදුසංක විසින් සිදුකරණු ලැබිය.
ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා හිසට පපුවට උදරයට වු බහුවිධ තුවාල නිසා මරණය සිදවී ඇති බවට තීන්දු කළේය.







