ක්‍රීඩා ඇමති හොරෙක් බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා අද මාධ්‍ය හමුවක් පවත්වා පැවසුවේය. ඔහු මේ බව කීවේ අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. තමන් ඉපදෙන විට තමන්ගේ තාත්තාට කාර් හතරක් තිබුණු බවත් නවලෝක මුදලාලි කෝටිපතියෙක් බැවින් ඔහුටත් හොරකම් කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් ශම්මි සිල්වා පැවසුවේය.
ලක්ෂ 2900ක් තමා ඇමතිවරයාට දුන් බව කී ෂම්මි ඒ මුදල් ඔහු හිතවතුන් අතර බෙදා ගත් බවත් ඒ සඳහා විගණනයක් අවශ්‍ය බවත් පවසමින් කීවේ අපට හොරු කීම නවත්වා හොරා කවුදැයි කණ්නාඩියක් ඉදිරියට ගිහින් බලා ගන්නා ලෙසය.
ජනාධිපති ඔහුට සහතිකයක් දුන්නහොත් ඔහු අයි.සී.සී. ය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් 21 වැනිදා අයි.සී.සී. රැස්වීමට යන්නනේත් තමා මිස ඇමති නොවන බව කී ෂම්මි සිල්වා ඇමති යවන්නේ වෙන තැනකට බව පැවසුවේය.
“පොලීසියෙන් කිව්වා මට ගෙදර ඉන්න එපා කියලා. තරග පැරදෙන එක නෙමෙයි ප්රශ්නය. අපිට හොරු කියන එක. කණ්ණාඩිය ඉස්සරහට ගියානම් පෙනෙයි ඇමතිට කවුද හොරා කියලා.”
“උසාවිය යන්න. ඇමති ජපානයට යයි. අපි යන්නේ නැහැ මේ රට දාලා. අපි මේක අතහරින්නේ නැහැ. අපි එයාට දුන්නා ලක්ෂ 2900ක්. ක්‍රීඩාවලට වියදම් කරන්න. මෙයාගේ හිතවතුන්ට තමයි මේ සල්ලි වියදම් කළේ. මේකේ විගණනය දෙන්න කියන්න.”
“අපේ ආදායමෙන් 20%ක් එයාගේ අමාත්‍යාංශයට එවන්න කියලා ලියුමක් එව්වා. අපි බැහැ කිව්වා. අපිත් එක්ක තරහව පටන්න ගන්න පළවෙනි හේතුව මේක.”
“ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා.”
“ඇමතිව අපි ගෙනියන්නම් වෙන තැනකට. මෙයා හිතන් ඉන්නේ ගිනස් එකට යන්න පුළුවන් හොඳම ඇමති එයා කියලා.”
“දේශපාලකයෙක් නිසා නැති වෙන්නේ රටේ ක්‍රිකට්. තනි මිනියෙක් බොරු කියනවා. අනික් අය හොයන්නේ නැතුව ඔව් ඔව් කියනවා.”
“ICC මේක අයින් කළේ නැත්නම් ඩොලර් මිලියන 50ක අලාභයක් අවම වශයෙන් වෙනවා ලබන අවුරුද්දට. මං දන්නේ නැහැ මොනවා වෙයිද කියලා.”
“ඇමතිගේ බලය අඩු කරන්න ඕනේ. මේ බලයත් එක්ක ක්‍රීඩාව දියුණු කරන්න බැහැ.. මේ වගේ ඇමති කෙනෙක් ආවොත්.”
“ලෝක කුසලානයක් යනකොට ඒ මිනිස්සුන්ගේ වැටුප ගැන කියනවා. ඒ මිනිස්සු මානසිකව වැටෙනවා. මොන රටේද මෙහෙම කරන්නේ. ඒ මිනිස්සු බය වෙනවා රැකියා ආරක්ෂාව නෑ කියලා.”
“දුෂ්මන්ත චමීරවයි වනිඳුවයි 15 දාලා අපි යැව්වේ. එයා අපෙන් ෆිට්නස් ටෙස්ට් ඉල්ලුවා. ඒ නම් දෙක කපලා එවන්න කිව්වා.”
“මම ඉන්දියාවට ගියේ නැහැ. ඔය කියන කොළඹ හෝටලයේ CCTV දාලා බලන්න. මොළයක් නැද්ද. මේවා රෑට තියෙන නාට්‍ය.”
“මිනිස්සුන්ට කන්න නැහැ… ඒත් ලංකාවේ තියෙන එකම ප්රශ්නය ක්‍රිකට්.”
“ICC කියලා පැය ගාණක් ඇතුළත මට මෙහෙම කරන්න පුළුවන් නම් මං මාර පොරක්නේ.”
“මම ජයපැන් බිව්වේ නැහැ. ඊයේ මම බිව්වේ ෆෘට් ජූස්.”
“මට ජනාධිපති සහතිකයක් දුන්නොත් මම ගිහින් කතා කරනවා.”
ශම්මි සිල්වා ඉන්දියාවේ සිටි බවත්, ඔහු අයි.සී.සී. යෙන් ක්‍රිකට් තහනමක් ඉල්ලූ බවත් වාර්තා කළේ ලෝක ප්‍රකට ඇමරිකානු සුප්‍රකට ක්‍රීඩා නාලිකාවක් වන ESPN මාධ්‍ය ජාලයට අයත් ලොව ප්‍රමුඛම වෙබ් ඩවිය වූ cricinfo විසිනි. ඔවුන් පැහැදිලිව දක්වා ඇත්තේ දෙසැම්බර් මස අවසන් වන තෙක් කිසිම අන්තර් ජාතික තරගයක් නොමැකි බැවින් ඩොලර් අරමුදල් අයි.සී.සී.යෙන් ශ්‍රී ලංකාවට නොලැබෙන බවය.







