පසුගිය දින කිහිපය තුළ දිල්ලි නගරය සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවල වායුගෝලයේ ඇති විෂ සහිත වාතයේ කිසිදු සැලකිය යුතු වෙනසක් අද දිනයේ ද අපෙක්ෂා කළ නොහැකි බව ඉන්දියාවේ මධ්‍යම පරිසර දූෂණ පාලන මණ්ඩලය පවසයි.
එම අනුව ඉරිදා උදෑසන 5 ට ජාතික අගනුවර වායු තත්ත්ව දර්ශකය (AQI) 457 ක් වී තිබිණි.
මේ තත්ත්වය තුළ හෙට දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන බංගලිදේශය සහ ශ්‍රී ලංකාව දිල්ලියේ දි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ 38 වැනි තරගය පැවැත්විය නොහැකි තත්ත්වයක් උදා විය හැකි බව ව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. .දිල්ලියේ වායු දූෂණය මෙවර පළමු වතාවට දරුණු කාණ්ඩයකට ඇදවැටී තිබේ. මේ තත්ත්වය මත දිල්ලි බලධාරීන් බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල සියලුම ප්‍රාථමික පාසල් වසා දැමීමට නියෝග කළේය.
පාසල් තවදුරටත් වසා දැමීම පිළිබඳ තීරණය සඳුදා ගැනීමට නියමිතව ඇත.
#WATCH | Delhi | ANI drone camera footage from the Qutub Minar area shows a thick layer of haze in the air. Visuals shot at 7.05 am today.
The air quality in Delhi continues to be in the 'Severe' category as per CPCB (Central Pollution Control Board). pic.twitter.com/VrYi023Jhc
— ANI (@ANI) November 5, 2023







