ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානයට ලක්වන සටන්කාමී තරගයවන ඉන්දියා පකිස්ථාන තරගය දැන් ආරම්භ වී තිබේ. තරගය ආරම්භ වීමට නියමිත වූයේ පස්වරු 2ට ය.
ගුජරාට් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු යැවීම තේරුවේය.
කණ්ඩායම් දෙකම මෙම තරගයට පැමිණ ඇත්තේ අපරාජිතවය. මුහුණ දුන් තරග දෙකෙන් දෙකෙන් දෙකම ජයගෙනය.
ඉන්දියාව ඔස්ට්‍රේලියාවට එරෙහිව තියුණු තරගයක යෙදුනේය. විරාත් කෝලි සහ කේ එල් රාහුල්ගේ පිතිකරණය කඩුලු 6ක ජයග්‍රහණයක් කරා කණ්ඩායම රැගෙන ආවේය.
පසුව ඔවුන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව සිය ආධිපත්‍යය පැතිරවූයේය. නායක රෝහිත් ෂර්මා කඩුලු 8ක ජයක් කරා යන ගමනේදී ශතකයක් රැස් කළේය.
පාකිස්ථානය සිය ආරම්භක තරගයේදී නෙදර්ලන්තය පරාජයට පත් කරමින් ලකුණු 81 ක ජයග්‍රහණයක් ලැබුවේය. මොහොමඩ් රිස්වාන් ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ දෙවැනි තරගයේදී ශතකයක් රැස්කරමින් කඩුලු 6ක ජයග්‍රහණයක් තහවුරු කළේය. ඒ ලෝකවාර්තාවක් සහිත හඹා යෑමකිනි.
අන්තර් ජාල පුරෝකථනයන්ට අනුව තරගය දිනා ගැනීමේ 68%ක සම්භාවිතාවක් ඇත්තේ ඉන්දියාවට ය. කෙසේ වෙතත් වටහා ගත යුත්තේ පකිස්ථානය යනු කුමන මොහොතක කුමණ ආකාරයේ ප්‍රහාරයක් සමගින් නැගී සිටින කණ්ඩායමක් දැයි පුරෝකථනවලින් පැහැදිලි කරගත නොහැකි බවය.







